24H Best Sinhala News In Sri Lanka

Tuesday, 18 February 2014

කාන්තාවන් වදකරන සූදුරු මිශ්‍ර ඖෂධයක් වෙළදපොළට ඇවිත්

20:02 By Era

කාන්තාවන් වදකරන සූදුරු මිශ්‍ර ඖෂධයක් වෙළදපොළට ඇවිත්

සත කුප්ප නැමති ඖෂධය සූදුරු සමග මිශ්‍රකර වෙළද පොළේ අලෙවිය සදහා තබා තිඛෙන බවත් ඒවා ආහාරයට ගැනීමෙන් කාන්තාවන් ව`දභාවයට පත්වීමේ බරපතළ අවදානමක් මතුව තිඛෙන බවත් දේශීය වෛද්‍ය අමාත්‍යංශ සදහන් කරයි.
මෙම ඖෂධය සූදුරුවලට සමාන වන බැවින් ඒවා සූදුරු මිශ්‍ර කරමින් අලෙවියට තබා ඇත්තේ ඒවායේ මිල ඉතාමත් අවම මට්ටමක පවතින බැවින් විය හැකි යැයි අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
ආයුර්වේදය තුළ ගර්භාෂ ගත රෝග සදහා ලබා දෙන ඖෂධ සදහා මෙම ෂතකුප්පි භාවිතා කරන බවද එම ප්‍රකාශකයා පැවසීය.
මේවා සූදුරු වලට වඩා දිගින් අඩු හා මහතකින් වැඩි බව පෙන්වා දිය හැකි වන අතරම තිත්ත රසයකින් යුක්ත බවද හෙතෙම පැවසීය.
සූදුරු හා මිශ්‍ර කර කබලේ බැද ගැනීමෙන් ආහාරයට ගතහැකි වන අතර එහිදී එහි වෙනසක් දක්නට නොලැඛෙන බවත් එම ප්‍රකාශකයා පැවසීය.
විශේෂයෙන්ම සිංහල මිනිසුන් වැඩිපුර භාණ්ඩ මිලදී ගන්නා ප්‍රදේශ වල මෙම සූදුරු අලෙවි කිරීමට තබා තිඛෙන බවද තොරතුරු හෙලි ව ඇතැයිද දේශීය වෛද්‍ය අමාත්‍යංශය අවධාරණය කර සිටී.

1 comments:

  1. මෙවා කරන්නෙ දේශපාලනඥයො මේ කෑම බෞද්ධ, මුස්ලිම්, christian, සියලු ආගම් වල අය අනුබව අරනවා. රටේ ජන ගහනය පාලනය කරන කුහක ක්‍රම. දේශපාලනඥයන්ට උවමනා සිංහල ජාතිය නැති කර වා පිටරට එවුන් මෙරටට ගෙන්වීම. උන් උන්ගෙ වැරදි වහගන්න ජාතිවාදය ඇති කරයි. දේශපාලනඥයෝ වැජඹේ.

    ReplyDelete