24H Best Sinhala News In Sri Lanka

Thursday, 20 February 2014

නවලෝක රෝහලේදී දුන් එන්නතකින් මව මරණයට පත් වුණා

00:56 By Era

නවලෝක රෝහලේදී දුන් එන්නතකින් මව මරණයට පත් වුණා
පුතා පරීක්ෂණයක් ඉල්ලයි

නවලෝක රෝහලේදී වෛද්‍යවරයෙකු තම මවට එන්නතක් ලබාදුන් සැණින් ඇය මරණයට පත්වීම සැක සහිත බැවින් ඒ ගැන පරීක්ෂණයක් පවත්වා මරණයට හේතුව අධිකරණයට වාර්තා කරන මෙන් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පුතකු කොම්පඤ්ඤ වීදිය පොලිසිය මගින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත පැමිණිල්ලක් කර තිබේ.
පැමිණිලිකරු අංක 119/59 රිලවුල්ල කදාන ලිපිනයේ පදිංචි පලිහවඩන ආරච්චිගේ ඇන්ටන් ජගත් පෙරේරා නමැත්තෙකි.
තම මව වන දෝන විනිපීඩා ජයසූරිය (73) 2014.02.17 දින කොළඹ නවලෝක රෝහලට කකුලේ තුවාලයකට ශල්‍යකර්මයක් සදහා ඇතුළත් කළ බවත් මෙම ශල්‍යකර්මය භාරව සිටියේ වෛද්‍ය මයියා ගුණසේකර බවත් පැමිණිල්ලේ සදහන්ය.අදාළ වෛද්‍යවරයා නියම කළ එන්නත ශල්‍යකර්මයෙන් පසුව රාතී්‍ර 8.00ට පමණ රෝගියාට ලබාදුන් බවද මේ අවස්ථාවේ පැමිණිලිකරු හා ඔහුගේ බිරිද වන රුක්ෂානා රාජපක්ෂ යන දෙදෙනා රෝගියා අසල සිටි බවද කියා ඇත.
රෝගියාගේ කටින් පෙණ හා සෙම එන්නට ගත් නමුත් වෛද්‍යවරයෙකු රෝගියා වෙත පැමිණෙන්නට විනාඩි 8ක් පමණ ගතවුයේ යැයිද වෛද්‍ය මයියා ගුණසේකර මහතා විසින් ලබාදුන් එම එන්නත් කුප්පිය බිරි`දගේ බෑගයේ ඇති අතර එන්නත දුන් සැණින් මරණය සිදුවීම සැක සහිත යැයිද පැමිණිලිකරු පවසයි.

0 comments:

Post a Comment