24H Best Sinhala News In Sri Lanka

Wednesday, 19 February 2014

ජනාධිතිතුමනි,ෆේස්බුක් පිළිලයෙන් දැයේ දරුවන් බේරා දෙන්න

00:23 By Era

ජනාධිතිතුමනි,ෆේස්බුක් පිළිලයෙන් දැයේ දරුවන් බේරා දෙන්න
කොතලාවල විදුහලේ දෙමාපියෝ විරෝධතාවක

ෆේස්බුක් සිදුවීමක් හේතුකොට ගෙන සිසුවියක් සියදිවි නසා ගැනීම හේතුවෙන් විවිධ අසත්‍ය ප්‍රචාර පැතිරයාමෙන් කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේ කීර්තිනාමයට අපහාසයක් වී ඇති බව පවසමින් එම විදුහලේ දෙමාපියන් හා ආදි සිසුන් විශාල පිරිසක් ඊයේ (18දා) උදෑසන විරෝධතාවක නිරතවූහ.
කොතලාවල විදුහල ඉදිරිපිට මාර්ගයේ පැවති මෙම විරෝධතාවයට දෙදහසකට ආසන්න පිරිසක් සහභාගී වී සිටි අතර පොල්ලන්නාපිටිය මංසන්ධියේ සිට වෙලගෙදර ක්‍රීඩාංගණය දක්වා දිගු දුර ප්‍රමාණයකට විහිදී ඔවූහු විරෝධතාවෙහි නිරත වූහ.
විරෝධතාවයට නිරත වූ වැඩි පිරිසක් අත විවිධ පාඨ සදහන් පෝස්ටර තිබූ අතර ඔවූහු නිහ`ඩව,සාමකාමී ලෙස විරෝධතාවෙහි යෙදී සිටියහ.ඒ අවට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදා තිබුණි.
මෙම විරෝධතාවයේදී ප්‍රදර්ශනය කළ පෝස්ටර්වල විදුහල නිසි ලෙස සුරැකී විදුහල්ති රැක ගනිමු, ජනාධිතිතුමනි,ෆේස්බුක් පිළිලයෙන් දැයේ දරුවන් බේරා දෙන්න,මහඇමතිතුමනි සත්‍ය දුටුවාට අපේ උපහාර,දෙමාපියන් දු දරුවන් සත්‍ය දකිමු,මාධ්‍යවේදී සහෘදයෙනි ඒක පාර්ශ්වික නොවී සත්‍ය පළ කරන්න.ආදී පාඨ සදහන්ව තිබුණි.

0 comments:

Post a Comment