24H Best Sinhala News In Sri Lanka

Tuesday, 18 February 2014

විදෙස් ශ්‍රමිකයෝ 30000ක් ලංකාවේ

01:00 By Era

විදේශ සේවකයන් 30,000ක් පමණ ශ්‍රී ලංකාවේ සිටින බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශය ස`දහන් කරයි.
ශී්‍ර ලංකාවේ සේවය කිරීම ස`දහා විදේශ සේවකයන් බ`දවා ගැනීම නියාමනය කිරීමට සුදුසු රාමුවක් නොමැති බවත්, එය බරපතළ කාරණයක් බවත් අමාත්‍යංශය පෙන්වා දෙයි.
එපමණක් නොව විදේශ සේවකයන් පැමිණීමට පෙර හෝ පැමිණීමෙන් පසුව ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක‍ෂා කිරීම පවා සිදු නොවන බව අමාත්‍යංශය ස`දහන් කරයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්්‍යංශය අහෝසිකර අලූතින් පිහිටුවන්නට යන ශ්‍රී ලංකා විගමනික සේවා නියුක්ති අධිකාරිය ස`දහා මීට අදාළ නව නීති ගෙන ඒමට අමාත්‍යංශය අපේක‍ෂා කරයි.
ඊට අදාළ යෝජනාව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනටමත් ඉදිරිපත් කරනු ලැබ ඇත.

0 comments:

Post a Comment