මත්පැන් හදන්න ගන්නා ඊතයිල් ලීටරයකට රුපියල් 100ක බද්දක්
මත්පැන් නිෂ්පාදනයට යොදා ගනු ලබන ඊතයිල් (මද්‍යසාර) ස්ප්‍රීතු ස`දහා ලීටරයකට රුපියල් 100ක බද්දක් පනවා ඇත.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරයා වශයෙන් ඉකුත් ජනවාරි මස 20 වැනිදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මෙම බද්ද පනවා තිබේ.
ඒ අනුව, මත්පැන් නිෂ්පාදනයට යොදා ගනු ලබන දේශිය හෝ ආනයනික ඊතයිල් මද්‍යසාර සඋම ලීටරයක් ස`දහාම රුපියල් 100ක් බද්දක් අය කෙරේ.
අශ=ද්ධ ඊතයිල් මද්‍යසාර ස`දහා අනයනික සෑම ලීටරයක් වෙනුවෙන්ම රුපියල් 875කද, දේශීයව සපයනු ලබන අශ=ද්ධ ඊතයිල් මද්‍යසාර සෑම ලීටරයක් වෙනුවෙන්ම රුපියල් 225කද බද්දක් පනවා තිබේ.
රජය විසින් අනුමත කරන ලද පර්යේෂණ හා අධ්‍යාපනික ආයතන රොහල් සහ රජයේ දෙපාර්තමේන්තු මගින්යොදාගනු ලබන ඊතයිල් මද්‍යසාර ලීටර් 10,000 දක්වා බද්දෙන් නිදහස් කර ඇත.
එහෙත් එම ආයතන මගින් යොදා ගනු ලබන ඊතයිල් මද්‍යසාර ලීටර් 20,000 දක්වා, ආනයනික රේගු බද්ද රුපියල් 500 ක්ද දේශීය සැපයුම ස`දහා බද්ද රුපියල් 450 ක්ද ලෙස පනවා ඇත.
.jpg)
0 comments:
Post a Comment