හැමකෙනා ළගම අඩුපාඩු තියනවා මුහුණත් එක්ක තියන තරහට නහය කපා ගන්න යන්න එපා
ඇමති මර්වින් ළග තියාගෙන ඇමති බැසිල් කැලණි ජනතාවට කියයි
දුටුගැමුණු මැරුණා වගේ මැරෙන්න මම කැමති නෑ
මෙම රැස්වීම සංවිධානය කළේ කැලණිය ප්‍රාදේශීය සභාවේ රාජු මන්ත්‍රීතුමා ඇතුළු මගේ හිතවත් මන්ත්‍රීවරු සතර දෙනා.පෑලියගොඩ නගරාධිපති අමිල නිශාන්ත ඇතුළු එම මන්ත්‍රී කණ්ඩායම මගේ හිතවතුන්.
මම දැන් සංවර්ධන මාවතක දෙවැනි පියවර තියලා තියෙන්නේ අවුරුද්දයි මාස 2කට පස්සේ.
දැන් මහ වර්ෂාවකුත් වැස්සා.ඒත් මුචලින්ද නාගරාජයා බුදුන්වහන්සේට වර්ෂාවෙන් ආරක්ෂාව දෙමින් වර්ෂාවේ තෙමි තෙමී සිටියා වගේ තමුන්නාසේලාත් වර්ෂාවෙන් තෙමි තෙමී සිටියා.එය තමයි මිනිසාගේ ලෙන්ගතුකම හිතවත්කම කියන්නේ.
කැලණිය ආසනයේ පුංචි වුවත් ලංකාවේ කවුරුත් ගරු කරන ආසනයක්,බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ පින් බිමක්.සිංහල,දෙමළ,මුස්ලිමි,බර්ගර්,මැලේ සියලූ ජාතීන් එකට එක්වී සිටින බිමක්.මාත් තමුන්නාන්සේලාගේ ප්‍රෙඪත්වය වෙනුවෙන් ඉන්න පිරිසිදු බෞද්ධ නායකයෙක්.
හුනුපිටිය ප්‍රදේශය කැලණිය ආසන්නයේ තවත් ප්‍රදේශයක්.හුනුපිටිය කාටවත් ලියලා දීලා නැහැ.හුනුපිටියත්මගේ කැලණියත් මගේ.මගේ ජනතාව මමයි නියෝජනය කරන්නේ.ශ්‍රීලනිපට සම්බන්ධ මගේ කියුම් කෙරුම් කියන්න අවශ්‍ය නැහැ.ඒවා දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා අය දන්නවා.
දැන් මට අවශ්‍ය වෙලා තියෙන්නේ තමුන්නාන්සේලාගේ යෝජනා ඉක්මන් කර එවන්න.ඒ වැඩ ටික කර දෙන්නයි මගේ අවශ්‍යතාවය.ඇයි මම එහෙම කියන්නේ දුටුගැමුණු මහරජතුමා රුවන්වැලි සෑය හදලා ඉවර කරන්න බැරිව අභාවප්‍රාප්ත වුණා.ඒ වගේ මැරෙන්න මම කැමති නැහැ.කැලණිය හදන්න ඕනෑ.වැඩිදියුණු කරන්න ඕනෑ.කැලණියේ දු දරුවන් ඉතාමත් ප්‍රාණවත් බුද්ධිමත් පිරිසක් ලෙස ශක්තිමත් කිරීමේ සිහිනය මගේ ළ`ග තියනවා.කැලණිය පරපුරේ අයෝමය ශක්තිය රටට පමණක් නොව මුළු ලෝකයටම පෙන්වීම අවශ්‍යයි.අපේ ජනාධිපතිතුමා සියලූ ජාතීන් සියලූ ආගම් සමග සහයෝගයෙන් කටයුතු කරන අයෙක්.වැරදි වැඩකරන අයෙක් නෙවෙයි.එම නිසා ජිනීවා සමුළුවට එතුමාගේ මයිලකටවත් අත තියන්න බැහැ.
බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ දිස්ති්‍රක්කයේ නායකයායි.එතුමා ඉතාමත් සාධාරණයි.එහෙම තමයි නායකයන් කතාකරන්න ඕනේ.
ජනතාවට වැඩ කරන්න බැරි දිය රෙද්දෙන් ඛෙල්ල කපන පහුගිය අවුරුදු කිහිපය තුළම සංවිධායකවරයාට කිසිම සහයෝගයක් නොදුන්,අඩුම තරමේ මේ මගේ වැඩ කරපන් කියලා උපදෙසක් දීමට බැරි වූ ජනතාවට කිට්ටු නොවූ ජතාවට බොරු කරපු තමන්ගේ මඩිය කරගත්තු මිනිස්සුන්ට ඡන්දය දෙන්න කියලා මට කියන්න බැහැ.මම කියන්නෙත් නැහැ.වැඩ කළ අයට කළගුණ සලකන්න අවශ්‍ය වූ නිසයි.
.jpg)
0 comments:
Post a Comment