24H Best Sinhala News In Sri Lanka

Tuesday, 25 February 2014

නුගේගොඩ ව්‍යාපාරික ඝාතනයට ෆේස්බුක් මිතුරා ඇතුළු තිදෙනෙක් දැලේ

01:24 By Era

නුගේගොඩ ව්‍යාපාරික ඝාතනයට ෆේස්බුක් මිතුරා ඇතුළු තිදෙනෙක් දැලේ

නුගේගොඩ නවල්ටි ආයතනයේ අධිපති ප්‍රසිද්ධ ව්‍යාපාරික සරත් කුමාර හේවාගම මහතාගේ අභිරහස් ඝාතනයට සම්බන්ධව සැකපිට ඔහු සමග ෆේස්බුක් වෙබ් අඩවිය හරහා සමීප පුද්ගලයෙකු ඇතුළු තිදෙනෙක් ඊයේ (24දා) මිරිහාන විශේෂ අපරාධ විමර්ශන මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ෆේස්බුක් සමාජ වෙබ් අඩවියෙහි පවත්වාගෙන ගිය අසම්මත ඇසුරක් නිසාවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවද පොලිසිය සදහන් කරයි.
නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි සරත් කුමාර මහතා සිය දෙමහල් නිවාස තුළදී ඉකුත් ජනවාරි 17 වැනිදා රාති්‍රයේ අබිරහස් ලෙස ඝාතනය කර තිබුණි.
පසුව ඒ ඝාතනය පිළිබද මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කළ අතර ඝාතනයට ලක්වූ සරත් කුමාර මහතා ෆේස්බුක් හරහා සමීප සබදතාවක් පැවැත්වූ මොරටුව ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු පිළිබදව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබුණි.
මධුෂාන් ප්‍රනාන්දු (29) නැමති තරුණයෙකු වූ සරත් කුමාර මහතා සමග අසම්මත ඇසුරක් පවත්වා තිබූ බව පොලීසිය පවසයි.ඒ මහතා ඝාතනයට ලක්වීමට දෙසතියකට පමණ ඉහතදී ෆේස්බුක් හරහා මොවුන් දෙදෙනා සුහද වී ඇති අතර පසුව එම සබදතාව අසම්මත ඇසුරක් දක්වා වර්ධනය වී තිබූ බව පොලීසිය පවසයි.

0 comments:

Post a Comment