පෙම්වතා ඉදිරියේම ගිනි තබාගෙන තරුණිය දිවිනසා ගනී
විවාහ නොවී තරුණයෙකු සමග අඹුසැමි ඇසුරක් පැවැත්වූ තරුණියක් තම සිරුරට ගිනි තබාගෙන මියගොස් ඇත.
මියගොස් ඇත්තේ හලාවත තාලඩිවැල්ල පදිංචිව සිටි සුකුමාලි රසිකා විනෝදනී (17) නම්වූ තරුණියකි.
ඉකුත් 24 වැනිදා පෙරවරුවේ මෙම තරුණිය තමා ඇසුරු කළ පෙම්වතා ඉදිරියේ තමන්ගේ සිරුරට ගිනි තබාගෙන ඇති අතර පසුව ඇය හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත. 25 වැනිදා අලූයම ඇය මියගොස් ඇත.
මියගොස් ඇති තරුණියගේ මරණය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී. කේ. විෙජ්වර්ධන මහතා විසින් පවත්වන ලදී. සිරුරට ගිනි ඇවිලීම නිසා ඇතිවූ දැඩි පිළිස්සුම් තුවාල සහ අධික කම්පනය හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ නිගමන විය.
හදිසි මරණ පරීක්ෂණය හලාවත නාගරික හදිසි මරණ පරීක්ෂක ඩී. සිසිර කුමාර විෙජ්තුංග මහතා ඉදිරියේ පැවැත්වුණි.
මියගොස් ඇති තරුණිය දංකොටුව ප්‍රදේශයේ් ඇගලූම් කර්මාන්ත ශාලවක සේවය කරන තරුණියෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත. දෙදෙනා විවාහ නොවුවත් පසුගිය මාස 8ක කාලයක් තිස්සේ ඔවුන් අඹුසැමි ඇසුරක් පවත්වමින් තරුණියගේ නිවසේ ජීවත් වී ඇත.

0 comments:
Post a Comment