අද සමහර අයට බත් කෑම නතර කළත් මත්ද්‍රව්‍ය භාවිතය නතර කිරීමට බෑ
අස්ගිරි මහා නාහිමියෝ සෞඛ්‍ය ඇමතිට කියති
අද සමහර අයට බත් කෑම නතර කළත් මත්ද්‍රව්‍ය භාවිතය නතර කිරීමට නොහැකි වී තිඛෙනවා.මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නතර කිරීමට අසීරු වී තිඛෙනවා.සමහර අය දේශීය වශයෙන් මත්ද්‍රව්‍ය රටට ගෙන්වා ඉන්දියාව,පාකිස්ථානය වැනි රටවලින් මත්ද්‍රව්‍ය මිශ්‍ර බුලත් පුවක් වර්ග රටට ගෙන්වනවා යැයි උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියෝ පැවසූහ.
උන්වහන්සේ එසේ අනුශාසනා කර සිටියේ පිළිකාකාරකයන්ගෙන් තොර දේශීය දැහැත් වට්ටියක් පිළිබද මහානායක හිමිවරුන් දැනුවත් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මහානායක හිමියන් බැහැදුටු අවස්ථාවේදීය.
එහිදී මහානායක හිමියන් වැඩිදුරටත් අනුශාසනා කර සිටියේ,පිටිසරබද ගම්වල වැඩිහිටියන් බත් වලට වඩා බුලත් විටට ඇලූම් කරන බවත්,පිළිකාකාරක විටට ඇලූම් කරන බවත්,පිළිකාකාරක නොමැති දේශීය දැහැත් වට්ටිය පිළිබද පුළුල් ප්‍රචාරයක් දී ඒ පිළිබදව ජනතාව දැනුවත් කළයුතු බවයි.
බුලත් විට සමග තිඛෙන හුණු,දුම්කොළ වැනි දේවල ආදීනව පිළිබදව ජනතාව දැනුවත් කිරීම යහපත් කි්‍රයාවක් බවද මහානායක හිමියෝ අවධාරණය කළහ.
.jpg)
0 comments:
Post a Comment