අද අපේ රටේ ජනතාවට කතා කිරීමේ නිදහසක් නෑ
සරත් ෆොන්සේකා
zමේ රටේ ජනතාවට හෙට දවස පිළිබද අවිනිශ්චිත තත්ත්වයක් ඇතිවෙලා තියනවා.රටේ ජනගහනයෙන් සියයට අනූ පහක්ම (95%) අද ජීවත් වෙන්නේ කළකිරීමෙන් යුතුවයි.ජනතාවගේ සියලූ බලාපොරොත්තු බි`ද වැටිලා.දේශපාලඥයින් ජනතාව රවටලා රවටලා ජනතාවට දේශපාලඥයන් එපා වෙන තැනට ඇවිල්ලා ජනතාවගේ සුබසාධනය ජනතා අවශ්‍යතා ගැන මේ රට පාලනය කරන පාලකයින්ට කිසිම හැ`ගීමක් නැහැ.වර්ථමානයේ මේ තත්ත්වය උච්චතම අවස්ථාවට පැමිණ ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා පසුගිය (10) දා මතුගම ගල්වත්ත මංසන්ධියේ පැවති ජනහමුවක් අමතමින් කීවේය.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මතුගම ප්‍රධාන සංවිධායක අනුර පොල්වත්ත මහතා සංවිධානය කළ මෙම ජන හමුව අමතා සරත් ෆොන්සේකා මහතා මෙසේද කීවේය.
zප්‍රබල දේශපාලන පක්ෂ සමග එකතු වෙලා දේශපාලනයට ආවොත් අපටත් සිදු වන්නේ ජනතාවට බොරු කියලා රවට්ටන්න.ඒක අපට කරන්න බැරි නිසයි අලූත් පක්ෂයක් හදලා නැවුම් ගමනක් ආරම්භ කළේ.අපේ වේදිකාවේ ප්‍රබලයො නැහැ.සාමාන්‍ය ජනතාව සමග ජීවත් වෙන පිරිසකුයි අපේ වේදිකාවේ ඉන්නේ.ඒ අයට රටේ සාමාන්‍ය ජනතාවගේ සිතුම් පැතුම් තේරෙනවා.ඒක ඒ අයට තේරුම් ගන්න බැරි වුණොත් ඒ අයටත් පැවැත්මක් නැහැ.
zඅද මේ රටේ ජනතාවට කතා කිරීමේ නිදහස නැහැ.රැස්වීමක් තිබීමේ නිදහස නැහැ.මාධ්‍ය නිදහස නැහැ.මේ සියල්ලේම එකතුව ප්‍රජාතන්ත්‍රවාදය ඒක අද මේ ජනතාවට නැහැ.ඒක ලබාදීම සදහායි අපි මේ අලූත් බලවේගය ගොඩනගන්නේ.ඒ සදහා අපි ඕනෑම කැපකිරීමකට සූදානම්.අපි මේ ඉදිරියට තැබූ පය ආපහු ගන්නේ නැහැ.තව අවුරුදු 10-15ක් හිරගෙවල්වල දැම්මත්,බොරු චෝදනා දාලා මොනතරම් උසාවි ගානේ අරන් ගියත්,කවදාවත් මේ ගමන නතර කරන්නේ නැහැ.
අද මේ රටේ ජනතාවගේ ජීවිත මේ තරම් දුෂ්කර තත්ත්වයකට වැටිලා තියෙන්නේ මේ රටේ පාලකයින්ගේ නොමනා හැසිරීම් නිසයි.අද මේ රටේ බොහෝ ජනතාවට කතා කරන්න බැහැ.කතා කළොත් ව්‍යාපාර අඩාල කරනවා.හිර ගෙවල් වලට දැලා හිර කරන තත්ත්වයක් අද ඇති වෙලා තියනවා.
මට පාර්ලිමේන්තුවේ හිටපු ටික කාලෙදීමට ඇහිලා තියනවා සමහර මැති ඇමතිවරු කියනවා අපි නම් අපේ එවුන් ගම්වල අන්දගෙන ඉවරයි කියලා.ඔවුන්ගේ වත්තෙන් කොස් ගෙඩියක්,දෙල් ගෙඩියක් කාලා ජීවත් වෙනවා.මේ රටේ දුෂිත පාලකයෝ හිතාගෙන ඉන්නේ මේ රටේ ජනතාව හැමදාම මේ විදිහට ජීවත් වුණාම ඇති කියලයි.ඇමෙරිකාවේ ජනාධිපතිව නඩත්තු කරන්න වියදම් කරන්නේ අපේ රටේ පාලකයව නඩත්තු කරන මුදලින් හතරෙන් එකකටත් අඩු මුදලකුයි.ඇමෙරිකාවේ ජනාධිපතිටත් නැති තරම් ආරක්ෂක භටයෝ,පොලීසිය යුද්ධයක් නැති අපේ රටේ පාලකයට දාලා තියනවා.යුද්ධය අවසන් කළ මට ඉන්නේ පොලිසියෙන් දාහත් (17) දෙනෙක් විතරයි.වර්ෂයකට කෝටි අටසිය පනහක් (850) රටේ ාපලකයගේ නඩත්තුවට වැය වෙනවා.දවසකට ලක්ෂ දෙසිය පනහයි.නමුත් ලෝකේ මොනම රටකවත් මේ තරම් විශාල මුදලක් වැය කරන්නේ නැහැ.
.jpg)
0 comments:
Post a Comment