24H Best Sinhala News In Sri Lanka

Thursday, 20 February 2014

ෆේස්බුක් විශාල ප්‍රශ්නයක්

23:11 By Era

ෆේස්බුක් විශාල ප්‍රශ්නයක්
-කැබිනට් ප්‍රකාශක

ෆේස්බුක් (ත‍්ජැඉදදන) සමාජ වෙබ් අඩවිය භාවිතය තුළින් විශාල ප්‍රශ්නයක් නිර්මාණය වී ඇති බවත්,මේ තත්ත්වය යටපත් කිරීමට කි්‍රයාදාමයක් අවශ්‍ය බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.
ඊයේ (20දා) ජනාමාධ්‍ය අමාත්‍යංශයේදී පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
zෆේස්බුක් සම්බන්ධව විශාල ප්‍රශ්නයක් තියනවා.ලෝකය පුරාම මේ සම්බන්ධව නීතිමය තත්ත්වයක් පිළිබදව අවධානය යොමුකිරීමට සිදුවෙනවා.
ඒ සමාජ ජාල දැනුම ඛෙදාගනු ලබන වෙබ්අඩවි මෙන්ම එය කොයි ආකාරයටද අගතිගාමී වන්නේ යන්න පිළිබදවයි.
යම්කිසි කෙනෙකුට අගතිගාමී වන දෙයක් නතර කිරීමට ගියහොත් ලෝකයට පොදු සන්නිවේදන මාර්ගයක් අවහිර වෙනවා.මේක තර්ජනයක්.ගුවන්යානා අනතුරුවලින් පුද්ගලයින් ගණනක් ජීවිතක්ෂයට පත්වුවත්,ගුවන් ගමන් නතර වෙන්නෙ නැහැ.
ඒ සදහා එක්වන පුද්ගලයන් නතර වෙන්නේ නැහැ.ෆෙස්බුක් නියාමනය කළොත් මාධ්‍ය නිදහස නෑ කියනවා.මේ පිළබදව අධ්‍යනය කළ යුතුයිZයනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

0 comments:

Post a Comment