24H Best Sinhala News In Sri Lanka

Thursday, 27 February 2014

වනෝද්‍යාන ප්‍රවේශ ගාස්තු වැඩි කරයි

00:30 By Era

වනෝද්‍යාන ප්‍රවේශ ගාස්තු වැඩි කරයි

ජාතික වනෝද්‍යාන වලට ඇතුළුවන දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා නව ගාස්තු ක්‍රමයක් හදුන්වා දීමට වනජීවී සම්පත් සංවර්ධන අමාත්‍යංශය තීරණය කර ඇත. ඒ අනුව, ජාතික වනෝද්‍යාන වලට ඇතුළුවීම සඳහා නවතම අවසර පත්‍රයක් නිකුත් කිරීමටත්, බදු, වාහන ගාස්තු හා සේවා ගාස්තුද ඇතුළත් කර, නිශ්චිත ගාස්තුවක් නියම කිරීමටත්, අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව යාල ජාතික වනෝද්‍යානයට ඇතුළුවන දේශීය හා විදේශීය සංචාරකයින්ගෙන්, උපරිමය දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සඳහා රුපියල් 3000 ක ගාස්තුවක්ද, වැඩිවන එක් අයකු සඳහා රුපියල් 300 කද ගාස්තුවක් අය කෙරේ.
ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට යන විදේශීය වැඩිහිටියකුගෙන් ඇමරිකානු ඩොලර් 10 කද, ළමයකුගෙන් ඩොලර් 5 කද ගාස්තුවක් අය කෙරේ. මීට අමතරව, සංචාරක නිවාස වෙන් කිරීමේ ගාස්තු හා බෝට්ටු සවාරි සඳහා අය කෙරෙන ගාස්තුද වැඩි කර ඇත.

0 comments:

Post a Comment