කොළඹ පිටත වටරවුම් මාර්ගය 4 - 5 දිනවල පයින් යන්න ඇරලා
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කොට්ටාව සිට කඩුවෙල දක්වා කොටස ජනතාවට පයින් ගමන් කිරීම සඳහා ලබන 04 හා 05 යන දෙදින විවෘතව තබන බව මහා මාර්ග වරාය හා නාවික ව්‍යාපෘති ඇමති නිර්මල කොතලාවල මහතා පැවසීය.
මේ දින දෙකේ කොට්ටාව - කඩුවෙල අධිවේගී මාර්ගයේ විවිධ තරඟ හා උත්සවද පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
මෙම අධිවේගී මාර්ගය ශ්‍රී ලංකාවේ තුන්වැනි අධිවේගී මාර්ගය ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ලබන මස 08 වැනිදා සුභ මොහොතින් ජනතා අයිතියට පත් කරන බවද ඇමති කොතලාවල මහතා කීය.
.jpg)
0 comments:
Post a Comment