24H Best Sinhala News In Sri Lanka

Tuesday 18 March 2014

යානයේ නියමුවා “සිමියුලේටර්” මෘදුකාංගයෙන් ලංකාවේ ගුවන්තොටකට බස්සන හැටි අත්හදා බලලා

අතුරුදහන්ව ඇති මලයාසියානු MH370 ගුවන්යානයේ නියමු ෂහාරි අහමද් ෂාහ්ගේ නිවසේ තිබී සොයාගන්නා ලද ගුවන් සිමියුලේටරයේ මෘදුකාංගයකින් ශ්‍රී ලංකාවේ ගුවන් පථයක්ද අධ්‍යයනය කර ඇති බව අනාවරණය වී තිබේ.
අදාළ සිදුවීම පිළිබඳ විමර්ශනය කිරීමේදී ඉන්දු-ශ්‍රී ලංකා ගුවන්පථ 3 ක්ද, අමෙරිකානු කේන්ද්‍රීය දියාගෝ ගාර්ෂිවේ ගුවන්පථයක්ද, මාලදිවයින් ජාත්‍යන්තර ගුවන්පථයක්ද , එම ගුවන් නියමුවා විසින් අධ්‍යයනය කර ඇති බව Malay Daily පුවත් සේවය උපුටා දක්වයි.
මගීන් 239 දෙනෙකු රැගත් මලයාසියානු ගුවන් යානය අතුරුදන් වී අදට දින 10 ක් සම්පූර්ණ වුවද මේ දක්වා ඒ ගැන නිශ්චිත හෙළිදරව්වක් සිදුකිරීමට පරීක්ෂණ පවත්වන කිසිදු රටකට හැකියාවක් ලැබී නැත.
ඉකුත් සතියේ (08) වැනිදා මලයාසියාවේ, ක්වාලාලාම්පූර් සිට චීනයේ, බීජිං දක්වා පියාසර කරමින් තිබියදී බෝයිං 777 වර්ගයේ එම්.එච්. 370 නැමැති යානය අතුරුදන් වූ බව විදෙස් පුවත් වාර්තා කරන ලදී.
එදින සිට මේ දක්වා මලයාසියාව, චීනය, අමෙරිකාව, රුසියාව, වියට්නාමය මෙන්ම ඉන්දියාව ද එය සෙවීමේ කටයුතුවල නිරත වන අතර එකී ගුවන් යානය මුහුදුට කඩා වැටුණු බවත් සුන් බුන් හමුවු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළද එයද මේ දක්වා නිශ්චිතව තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබී නැත‍.
ලොව ඉහළ යුද තාක්ෂණයක් සහිත අමෙරිකාව, රුසියාව ප්‍රමුඛ චීනයට ද මෙම ගුවන් යානයට සිදුවුයේ කුමක්දැයි ස්ථීරවම පිළිතුරක් ලබාදීමට හැකියාවක් නොතිබියදී එකී ගුවන් යානය පැහැර ගැනීමට ලක්ව ඇති බව මලයාසියානු බලධාරීන් පවසයි.
එසේ වුවද එය ද සැක සහිත ප්‍රකාශයක් බව එම වාර්තාවල දැක්වෙයි.
කෙසේ හෝ අතුරුදන්වු මලයාසියානු ගුවන් යානය සොයා සිදුකෙරෙන සෝදිසි මෙහෙයුම් සඳහා ජාත්‍යන්තරයේ විශේෂ අවධානයක් මේ වනවිට යොමුව තිබේ.
ඒ අනූව සෝදිසි මෙහයුම් මලයාසියානු අර්ධද්වීපයේ බටහිර ප්‍රදේශය වෙත වැඩි අවධානයක් යොමුකරමින් සිදු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ද අතුරුදන්වු මලයාසියානු ගුවන් යානය සෙවීම සඳහා විශේෂ නෞකාවක් සහ ආවේක්ෂණ ගුවන් යානයක් බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයට, අන්දමන් මුහුද සහ ඉන්දියන් සාගරය ආශ්‍රිත ප්‍රදේශයන්ට යවා ඇත.
අදාළ යානය අතුරුදන් වු වේලාවෙන් පසු පැය 05 ක පමණ කාලයක් ගුවනේ තිබු බවට ද විවිධ වාර්තා පළ වී තිබේ. කෙසේ වෙතත් මලයාසියානු සිවිල් ගුවන් සේවා බලධාරීන් පවසන්නේ යානය ක්වාලාලාම්පුර් දෙසට හරවා ඇති බවට තවමත් සැක පළ කළ හැකි බවයි.

Monday 17 March 2014

මැලේසියානු යානය අතුරුදන් වී පැය ගණනාවක් අතර ඉස්මාර් සැට් චන්ද්‍රිකා සමග සබදතා


මැලේසියානු යානය අතුරුදන් වී පැය ගණනාවක් අතර ඉස්මාර් සැට් චන්ද්‍රිකා සමග සබදතා

අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය අතුරුදන් වූ දින අලූයම 1.30 සිට උදෑසන 8.11 දක්වා පැයකට වරක් ඉස්මාර් සැට් නම් චන්ද්‍රිකාව මගින් හදුනා ගැනීමට හැකි වූ බවට වාර්තා වේ.
අතුරුදන් ඵ්‍ය 370 ගුවන් යානය පසුගිය 8දා රේඩාර් තීරයෙන් නොපෙනී ගියත් මෙලෙස සොයා ගැනීමට හැකිව ඇත්තේ විශේෂ විද්‍යුත් සංඛ්‍යාත මගින් වීම විශේෂත්වයකි.
ඒ අනුව ප්‍රංශ සිවිල් ගුවන් ආරක්ෂක අධිකාරිය විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක් මැලේසියාව වෙත පිටත්කර යවා ඇත.මොවුන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ කටයුතු කිරීමට නියමිතය.
මේ අතර අතුරුදන් ගුවන් යානයේ මගියෙකු වශයෙන් ගමන් කළ 29 හැවිරිදි මෝඩ් කයිරාල් නමැති ගුවන් යානා ඉංජිනේරුවරයෙකු පිළිබද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.මොහු පෞද්ගලික ගුවන් සමාගමක ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කරන්නෙකු වේ.ගුවන් යානයක ඉංජිනේරුවරයාගේ වගකීම වන්නේ ගුවන් යානයේ ප්‍රධාන පාලක පද්ධතිය කිසිම බාධාවකින් තොරව පවත්වාගෙන යාමයි.ඒ අනුව එවැන්නෙකුට ගුවන් යානය පැහැර ගැනීමේ හැකියාවක් පවතින බැවින් මෙම 29 හැවිරිදි ගුවන් යානා ඉංජිනේරුවා කෙරෙහි අවධානය යොමු වී ඇත.නමුත් මෙම මෝඩ් කයිරුල් නමැත්තා හට මගී ප්‍රවාහන ගුවන් යානයක් තම පාලනයට නතු කර ගැනීමට තරම් දැනුමක් නොමැති බවත් එහෙත් ඔහුව සැකයෙන් බැහැර කළ නොහැකි බව මැලේසියානු බලධාරීහු පවසති.

බොරැල්ල OIC ගේ මරණය —චේතාන්විතව කළ ඝාතනයක් ˜

බොරැල්ලOIC  ගේ මරණය —චේතාන්විතව කළ ඝාතනයක් ˜
සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ
පොලිස් මූලස්ථානය

රබර් ගසක් කපා බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා මරණයට පත් කිරීම —චේතාන්විතව කළ ඝාතනයක් ˜ බවත්, මේ නිසා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් දෙකක් විශේෂ මෙහෙයුමක් දියත් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ කම්හලක් සම්බන්ධ ගැටලූවක් මුල් කර ගනිමින් සිදු කළ උද්ඝෝෂණයේදී උද්ඝෝෂණකරුවන් ගස් කපා දැමීමට අමතරව පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්ටද ප්‍රහාර එල්ල කරන ලදි. එලෙස ප්‍රහාර එල්ල කළ සියලූම දෙනා අත් අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.    
පොලිස් නිළධාරීන්ට හා විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්ට එල්ල කළ ප්‍රහාර නිසා නිළධාරීන් 06 දෙනෙකු තුවාල ලැබූ අතර, රථ වාහනයකටද අලාභ හානි සිදු වී තිඛෙන බව පවසා සිටියේය.    
මෙම ඝාතනයට සම්බන්ධ සහ පොලිස් නිළධාරීන්ට පහර දුන් පුද්ගලයන් නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු බවත්, මෙම පිරිස අත් අඩංගුවට ගැනීමට මෙම මෙහෙයුම සිදු කරන බවද පවසා සිටියේය.    
දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම ක්‍රියාව පිටුපස සංවිධානාත්මක පිරිසක් සිටින බවත්, මේ අනුව සිද්ධියට සම්බන්ධ සියලූම දෙනා ඉදිරි දින දෙක තුන තුළ අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.    

අතිශය දුලබ සුදු මොනරුන් ජෝඩුවක් හා සුදු ඉත්තෑවන් වැලිගම්පිටියෙන්

අතිශය දුලබ සුදු මොනරුන් ජෝඩුවක් හා සුදු ඉත්තෑවන් වැලිගම්පිටියෙන්

අතිශය දුර්ලභ ශ්‍රී ලංකාවේ දකින්නට අති විරල සුදු මොණරුන් ජෝඩුවක් හා සුදු (ඇලි) ඉත්තෑවකු වැලිගම්පිටියේ ගුරුගේ සොබා දහම් උයනේදී දැක ගත හැකිය. ජානමය වෙනස්කම් හේතුවෙන් මෙම සතුන් බිහි වුවද ඔවුන් බිහි කරන පැටවුන් සුදු පැහැ වීමේ සම්භාවිතාව ඉතා අල්පය. මෙම සුදු මොණරුන්ගේ හා ඉත්තෑවාගේ හිමිකාරිත්වය දරණ ආචාර්ය මර්වින් ධනවර්ධන ගුරුගේ මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ එකම ස්ථානයකදී මෙම සතුන් දැක ගත හැකි වන්නේ තම සොබා දහම් උයනේදී යන්න විශ්වාස කරන බවය.






ලෝකයේ වැඩිම තෙල් පොහොර භාවිත කරන්නේ ලංකාවේ අපි

ලෝකයේ වැඩිම තෙල් පොහොර භාවිත කරන්නේ ලංකාවේ අපි
දේශීය වෛද්‍ය අමාත්‍ය ශාලින්ද දිසානායක

අද අපේ රට රසකාරක, කෘෂි රසායනික සහිත ආහාරවලට පුරුදු වී සිටින නිසා බොහෝ රෝගයන් කරේ පටලවාගෙන ඇති බැවින් නැවතත් අපි ස්වභාවික ගොවිතැනට යා යුතු බව දේශීය වෛද්‍ය අමාත්‍ය ශාලින්ද දිසානායක මහතා පැවසීය.
හම්බන්තොට රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවති වස විසෙන් තොර බත් පතක් රටට ලබා දීමට දේශීය වී ගොවිතැන ප්‍රචලිත කිරිමට ගොවීන් දැනුවත් කිරීම සඳහා පැවති ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි.  
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
—මියන්මාරයේ පොහොර ගහන්නේ ඒකක එකොළහයි. අපේ රටේ ඒකක දෙසිය හැත්තෑ හයක් තෙල් පොහෙර ගහනවා. ලෝකේ වැඩිම තෙල් පොහොර ගහන අය අපි. ඒ නිසා වැඩිම පිළිකා, වැඩිම වකුගඩු රෝග, වැඩිම නිල් දරු උපත්, වැඩිම ආතරයිටිස් ආදී බෝ නොවන සියලූ රෝග අපි දැන් උරුම කරගෙන තියෙනවා. මේකෙන් මිදෙන්නට අපි දැනටත් ප්‍රමාද වැඩියි. එතකොට බොහෝ අය කියන දේ තමයි අස්වැන්න නෑ කියන එක. නමුත් දැන් වසර විස්සක් පමණ පර්යේෂණ කළා. ඒ පර්යේෂණ වලින් අපි හොයා ගෙන තියෙනවා විශ්මිත අස්වැන්නක් ගන්න ක්‍රම. අපේ පාරම්පරික ඥානයට තාක්ෂණය එකතු කරලා තියෙන්නේ.
පසුගිය දවසක මම දඹානේ වැදි නායකයාගේ ගමට ගියාම එදා රෑ දඹානේ වන්නිල ඇත්තෝ කැලයේ මැද තියෙන මණ්ඩියක කිරි කොරහ නැටුවා. අපට එදා රෑ කන්න දුන්නේ අඟ=රුවල පිච්චූ මඤ්ඤොක්කා සහ බඩ ඉරිඟ=යි. රසකාරක මොනවත් ඒ අය දැම්මේ නෑ. ඒ අය කුරහන් රොටියි පැණියි දුන්නා. මම ආදිවාසී නායක ඇත්තන්ගෙන් ඇහුවා ඔබේ සමාජයේ දියවැඩියා රෝගීන් කොච්චර ඉන්නවද කියලා. ඔහු කීවේ අපේ සමාජයේ දියවැඩියා රෝගීන් නෑ කියලා.







ග්‍රාමීය මාර්ග රාත්‍රී සේවයට ලංගම බස්

ග්‍රාමීය මාර්ග රාත්‍රී සේවයට ලංගම බස්

දිවයින පුරා පිහිටි ග්‍රාමීය මාර්ග සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රාත්‍රී බස් රථ සේවාව විධිමත්ව යෙදවීමට ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
මෙවර අයවැයෙන් බස් රථ 2100 ක් ගෙන්වීමට අනුමැතිය ලැබී ඇති බැවින්, එම බස් රථ මෙරටට ගෙන්වීමෙන් පසු මෙම රාත්‍රී බස් රථ සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසීය. රාත්‍රී හයෙන් පසුව ග්‍රාමීය මාර්ගවල ගමන් ගන්නා මගී ජනතාවට රාත්‍රී බස් රථ සේවාවක් නොමැති වීම නිසා විශාල අපහසුතාවන්ට ලක් වීමට සිදුව ඇතැයි පෙන්වා දෙන අමාත්‍යවරයා, ඒ පිළිබඳව සඳහන් කරමින් අමාත්‍යංශයට පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇතැයිද කියා සිටියේය.    
—මේ අයට වැඩි ගාස්තු ගෙවමින් විකල්ප ප්‍රවාහන සේවාවන්ගේ සහාය ලබා ගැනීමට සිදු වෙනවා. ඒ නිසා ලංගම බස් සේවාව විධිමත් අයුරින් පවත්වා ගැනීමට කටයුතු කරන්නැයි නිළධාරීන්ට මම උපදෙස් ලබා දුන්නා. පෞද්ගලික බස් රාත්‍රී කාලයේ ග්‍රාමීය මාර්ගවල ගමන් කරන්නේ නෑ. මෙහිදී රාජ්‍ය ප්‍රවාහන සේවය ලෙස ශ්‍රී ලංගමය වගකීමෙන් යුතුව මගී ජනතාවට ප්‍රවාහන පහසුකම් සැලසිය යුතුයි. එය ලාභය පමණක් නොව සේවාවක් ලෙස පවත්වාගෙන යා යුතුයි˜ යනුවෙන් වෙල්ගම මහතා පැවසීය.    
මෙම වැඩපිළිවෙළේ පළමු අදියර ලෙස කළුතර දිස්ත්‍රික්කයේ පානදුර - මහවිල, පානදුර - බේරගම, පානදුර - අම්බලන්දුව යන මාර්ගවලට රාත්‍රී බස්රථ සේවා යෙදවීමට ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.    







ඔබ හැමගේ දුක් ගන්නා රාළ මමයි - ගීතා කුමාරසිංහ

ඔබ හැමගේ දුක් ගන්නා රාළ මමයි
ගීතා කුමාරසිංහ (එ.ජ.නි.ස.)

කාන්තාවන් සඳහා හ~ක් නැගීමට අද මේ රටේ කවුරුවත් නෑ. 54% ක් කාන්තාවන් සිටියත්, ගාලූ දිසාවට තරඟ කරන එකම කාන්තාව මමයි. මම මේ පළාත් සභාවට තරඟ නොකරන්නයි හිටියේ. මේ ඛෙන්තොට ප්‍රදේශයේ නගර නෑ. ගම් විතරයි තියෙන්නේ. මේ ගම්වල අඩුපාඩු පිරිලා. හොරවල මාතෘ නිවාසයේ හැටි බලන්න. ඛෙන්තොට හා ඉදුරුවල රෝහල්වල තත්ත්වයත් එහෙමයි. හැම තැනම මාර්ග පාලම් අබලන් වෙලා. 2014 වර්ෂය නිම වීමට පෙර මේ ප්‍රදේශයේ සියළුම මාර්ග හදා නිම කරන බව මම අද මෙහිදී ඉතා වගකීමෙන් කියනවා යැයි දකුණු පළාත් එ.ජ.නි.ස. අපේක්ෂිකා, ඛෙන්තර ඇල්පිටිය ශ්‍රී.ල.නි.ප. සංවිධායිකා, ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. ඇය එසේ පැවසුවේ දීර්ඝ කාලයක් ඉතා අබලන් තත්ත්වයක පැවති මහවිල, හොරවල මාර්ගය කාපට් කිරීමේ කටයුතු ඇරඹීම සඳහා පැවති ජන හමුවක් අමතමිනි.
ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේද පැවසුවාය.
මිරිස්වත්තේ, බෝගහ ගොඩවත්තේ සිට මහවිල හරහා, හොරවල දක්වා කිලෝ මීටර් 4/2 ක දුර ප්‍රමාණයක් කාපට් කිරීම සඳහා මෙම ව්‍යාපෘතියට රුපියල් මිලියන 45 ක් ඇස්තමේන්තු කළා. අඩි 15 ක් පළලට මෙම මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කෙරෙනවා. මම සිනමාවෙන් සම්පූර්ණයෙන්ම සමුගෙන දේශපාලනයට ආවේ හැදෙන්න නොවෙයි. මේ ඛෙන්තර ඇල්පිටිය ජනතාවගේ දුක නිවන්නයි. මම 2010 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළා නම් මෙලහකටත් මේ මාර්ග හැදිලා. එදා පිටින් ආ අය මේ ප්‍රදේශයේ ඡන්ද හා මනාප අරගෙන ගියා. දැන් ඒ අය මේ පැත්තටවත් ආවාද? ආයිත් එන්නේ මනාප එකතු කිරිමටයි. සමහරු පැමිණ පොත් හා කවකටු පෙට්ටි ඛෙදයි. මම නිකම් සංවිධායිකාව වී මෙතරම් වැඩ කළා නම් මන්ත්‍රී වුණොත් මොනතරම් දේවල් කළ හැකිද?
ඛෙන්තොට ඉදුරුව රෝහල් දෙකෙන් එකක්වත් අංග සම්පූර්ණ රෝහල් කළ යුතුයි. ඉදුරුවේ තිබූ ගිලන් රථය බලපිටියට ගත් අවස්ථාවේ මම හැ~ූ කදුළෙන් ගිලන් රථයක් ඉල්ලූවා. ගිලන් රථ 20 ක් ඇවිත් තිබුණා. ඒත් මෙහේට දුන්නේ නෑ. මම පොරොන්දු දේශපාලනයට කැමති නෑ. දේශපාලනය කිරීමට ගොස් මට ලැබුණේ අපහාස, උපහාස, තර්ජන විතරයි. මම ඒවායින් තවත් ධෛර්යමත් වුණා.  
මම අවුරුදු 16 න් සිනමාවට ගියා. ඉන් පසු එංගලන්තයට ගොස් විශේෂ උපාධියක් කළා. රූපලාවන්‍ය පාඨමාලා හැදෑරුවා. ව්‍යාපාරික අංශයට එක් වුණා. දැන් ඒ සියල්ලටම ආයුබෝවන් කියා දේශපාලනයට ආවා. මේ ඉන්නේ එදා සිටි නිළි ගීතා නොවෙයි. මං මේ ගමේම ඉපදී හැදී වැඩුණේ. මේ ජනතාවගේ ප්‍රශ්ණ මම හදුනනවා. වසර 20 ක් මන්ත්‍රී කෙනෙක් නොසිටි ඛෙන්තර ඇල්පිටිය තව දුරටත් එසේ තැබුවහොත් මේවා විනාශ වෙයි. දැන් එක එක්කෙනා පිටින් පාත් වෙලා.    







පැන ගිය පෙම්වතිය හිලව්වට බාල වයස් නංගී අඹුකමට අරන්

පැන ගිය පෙම්වතිය හිලව්වට බාල වයස් නංගී අඹුකමට අරන්

විවාහ වීමට සිටි ප්‍රේමවන්තිය වෙනත් අයෙකු සමඟ පැන යාමෙන් පසු බාල වයස්කාර නැගණිය බඳින බවට පොරොන්දු දී එම බාල වයස්කාරිය නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය (දුෂණය) කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවා සිටි තරුණයෙකු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මුත්තූර් මහේස්ත්‍රාත් පායත් රසාක් මහතා නියෝග කළේය.
රිමාන්ඩ් කරන ලද්දේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි. සේරුනුවර තංගනගර් ප්‍රදේශයේ පදිංචි දැරියගේ මව පොලීසියට මෙසේ ප්‍රකාශ කර ඇත. මේ ළමයා අපේ ඥාතියෙක්. ලොකු දුව බඳින්න පොරොන්දු වෙලා හිටියේ. පස්සෙ ලොකු දුව වෙන ළමයෙක් එක්ක පැනලා ගියා. මේ ළමයා කාලයක සිට අපේ ගෙදරමයි හිටියේ. පස්සේ මෙයා අපේ පොඩි දුව සමඟ සම්බන්ධකමක් පැවැත්වූවා. එයාට වයස අවුරුදු 14 යි. අපි කිවුවා දුව වයස සම්පූර්ණ වුණාට පස්සේ විවාහ කරලා දෙන්නම් කියලා. ඒ අස්සේ පසුගිය 28 වැනිදා අපි ගෙදර නැති වෙලාවක දෙන්නා අඹු සැමියන් ලෙස හැසිරිලා තියෙනවා. ඊට පස්සෙත් සම්බන්ධය දිගටම තිබිලා මට අහු වුණා. මේ වන විට දැරිය සේරුනුවර කිලිවෙච්චි රෝහලට ඇතුලත් කර ඇති අතර සේරුනුවර පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වීරරත්න මහතාගේ උපදෙස් පිට වැඩිදුර පරීක්ෂණ පැවැත් වේ.






ලංකාවට වැඩිම සංචාරකයන් රුසියානු කලාපයේ රටවලින්

ලංකාවට වැඩිම සංචාරකයන් රුසියානු කලාපයේ රටවලින්

රුසියාව සහ පැරණි සෝවියට් දේශයට අයත් රටවල්, මේ වන විට ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රටවල් සමූහය බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා සංචරණය නිකුත් කළ නවතම දත්ත වාර්තාවකින් අනාවරණය වී ඇත.
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මස තුළ මෙම රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාවේ වර්ධනය සියයට 90 කින් ඉහළ ගොස් ඇති බවද මෙම දත්ත හරහා තහවුරු වී ඇත.
මෙම වසරේ ජනවාරියේ පමණක් රුසියානු රටවලින් සංචාරකයන් 18000 කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා සංචරණය හා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව දියත් කළ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මෙසේ රුසියානු රටවල සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමට බලපා ඇති බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ප්‍රකාශ කර සිටී.





Friday 14 March 2014

මට මාතර ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න අයිතියක් තිඛෙනවා -- අනර්කලී ආකර්ෂා

මට මාතර ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න අයිතියක් තිඛෙනවා
අනර්කලී ආකර්ෂා (එ.ජ.නි.ස.)

රටේ ගෘහණියන් අප ආරක්ෂා කළ යුතුයි. ඒ පිරිස හා තරුණ ප්‍රජාවට යමක් කරන්නයි මම දේශපාලනයට ආවේ. ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම කැප වන බව මාතර පැවති ජන හමුවකදී දකුණු පළාත් සභා මාතර දිස්ත්‍රික් එ.ජ.නි. සන්ධාන අපේක්ෂිකා අනර්කලී ආකර්ෂා ජයතිලක මෙනෙවිය පැවසුවාය.
අනර්කලී ආකර්ෂා මෙනෙවිය මෙසේ පැවසුවාය.
—මම උඩින් පාත් වුණා නෙවෙයි. මගේ අම්මයි, තාත්තයි කඹුරුපිටියේ. මටත් මාතර ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න යුතුකමක් හා අයිතියක් තිඛෙනවා. බල්ලෝ බිරුවට හඳ පාත් වෙන්නේ නෑ. මට බැන්නට මම බණින්න යන්නේ නෑ. කාන්තාවන් වෙනුවෙන් මම මාතරට ආවා. මම අනිවාර්යයෙන්ම දිනනවා.˜.
—අපේ ජනාධිපතිවරයා රටට ගොඩක් වැඩ කර තිඛෙනවා. ජනතාව ඒ මහතාට ආදරෙයි. කුමන්ත්‍රණ කෙතරම් කළත් අපි මෙවරත් පළාත් සභාව ඉහළින්ම දිනනවා. ඒක ස්ථිරයි.
අපි ඇවිත් ජනතාව අතරට යන විට සමහරු ඊට අකමැතියි. ඊර්ෂ්‍යා කරනවා. කවුරු මොනවා කීවත් අපට ප්‍රශ්ණයක් නෑ. ජනාධිපතිවරයා බේරා දුන් රට හොඳට හදන විට අපි කවුරුත් එයට උදව් කළ යුතුයි. එහෙත් හුඟක් දෙනෙක් ඒ මහතාගේ කකුලෙන් අඳින්න හදනවා.
මේ ඡන්දයේදී අපි කවුරුත් එකතු වෙලා ජනාධිපතිවරයා ශක්තිමත් කරන්න මාතර ඉහළින්ම දිනවමු˜.