24H Best Sinhala News In Sri Lanka

Friday, 14 March 2014

20-20 සහ ලෝක කුසලානට කි්‍රකට් ක්‍රීඩකයන්ට ගෙවන හැටි විධායක කමිටුව හෙළි කරයි

01:53 By Era

20-20 සහ ලෝක කුසලානට කි්‍රකට් ක්‍රීඩකයන්ට ගෙවන හැටි විධායක කමිටුව හෙළි කරයි

20-20 ලෝක කුසලාන කි්‍රකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කි්‍රකට් ක්‍රීඩකයන්ගේ දීමනා වැඩි කළයුතු ආකාරය ඊයේ (13දා) රැස්වූ ශ්‍රී ලංකා කි්‍රකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
නව ක්‍රීඩක ගිවිසුම් සකස් කිරීමේදී ජාත්‍යන්තර කි්‍රකට් කවුන්සලය මගින් පවත්වන තරග වලට 20%ක දීමනාවක් අවශ්‍ය බව ක්‍රීඩකයන් පැවසීම නිසා මෙම අර්බුදය මතුවිය.
මෙහිදී 20-20 තරගාවලියට සහභාගී වීම වෙනුවෙන් ඩොලර් 5,00,000ක මුදලක්ද,අවසන් තරගයට පිවිසියහොත් ඩොලර් 2,50,000ක අමතර දීමනාවක්ද,කුසලානය ජයග්‍රහණය කළහොත් ඩොලර් 2,50,000ක අමතර දීමනාවක්ද කී්‍රඩකයන්ට ලබාදීමට විධායක කමිටුව තීරණය කර තිබේ.
මේ අතර ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන කි්‍රකට් තරගාවලියේදී සහභාගී වීම වෙනුවෙන් ඩොලර් 7,50,000ක මුදලක්ද,අවසන් පූර්ව වටයට පිවිසීම වෙනුවෙන් ඩොලර් 2,50,000ක අමතර දීමනාවක්ද,අවසන් තරගයට පිවිසීම වෙනුවෙන් ඩොලර් 2,50,000ක අමතර දීමනාවක්ද,ලෝක කුසලානය ජයග්‍රහණය කළොත් ඩොලර් 7,50,000ක අමතර දීමනාවක්ද කී්‍රඩකයන්ට ගෙවීමට විධායක කමිටුව තීරණය කර තිබේ.
මේ අතර කාන්තා 20-20 ලෝක කුසලාන වෙනුවෙන් සහභාගී වීමේ මුදල වශයෙන් ඩොලර් 50,000ක මුදලක්ද,අවසන් තරගයට පිවිසියහොත් ඩොලර් 25,000ක අමතර දීමනාවක්ද,කුසලාන ජයග්‍රහණය කළොත් ඩොලර් 25,000ක අමතර දීමනාවක්ද ක්‍රීඩිකාවන්ට ගෙවීමට විධායක කමිටුව තීරණය කර තිබේ.
මේ පිළිබද කි්‍රකට් ක්‍රීඩකයන් දක්වන ප්‍රතිචාරය අද (14දා) ශ්‍රී ලංකා කි්‍රකට් ආයතනයට දැන්වීමට නියමිතව තිබේ.

0 comments:

Post a Comment