දක්ෂිණ අධිවේගයේ බස් ගාස්තුව රු.350ට අඩු කළ යුතුයි
ගැමුණු විජේරත්න
දක්ෂිණ අධිවේගයේ මාර්ගයේ මගීන්ගෙන් අය කරන බස් ගාස්තුව නීති විරෝධී බවත් එය සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක් විය යුතු බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ (11) පැවසීය.නාරාහේන්පිට කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේදී එම සංගමය විසින් ඊයේ (11) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම එසේ පැවසීය.
දැනට මහරගම සිට ගාල්ල දක්වා මගියෙකුගෙන් අය කරන රුපියල් 500ක ගාස්තුව රුපියල් 350 දක්වා අඩුවිය යුතු බවත් විජේරත්න මහතා පැවසීය.
කඩුවෙල සිට ගාල්ලට ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ අය කරන රුපියල් 450ක ගාස්තුවද රුපියල් 375ක් දක්වා අඩුවිය යුතු බව හෙතෙම පෙන්වා දේ.
අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය කරන පෞද්ගලික බස් හිමියන් ලෙස අපට නොහැකි වී තිඛෙනවා.මොකද ජනාධිපතිතුමා zහයිවේ එක්ස්ප්‍රස් කියලා වෙනම සමාගමක් මහාමාර්ග අමාත්‍යංශය යටතේ ආරම්භ කර තිඛෙනවා.එම සමාගම මගින් අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය ඉදිරියේදී ආරම්භ කරනවා.අපි ඊට විරුද්ධ නැහැ.නැතිනම් සිද්ධ වෙන්නේ ජාතික ගමනා ගමන කොමිසම අතයට ගනුදෙනු වලට අධිවේගී මාර්ගයට බස්රථ අනුයුක්ත කිරීමයි.දක්ෂිණ අධිවේගී මාර්ගයටත් ජාතික ගමනාගමන කොමිසම හොර මාර්ග බලපත්‍ර ලබාදුන්නා.ඒ පිළිබදව පරීක්ෂණයක් මේ වනවිට අල්ලස් හෝ දුෂණ කොමිසමේ පැවැත්වෙනවා.ජනාධිපතිතුමා zහයිවේ එක්ස්ප්‍රස් Zසමාගමක් ආරම්භ කළේ ජාතික ගමනාගමන කොමිසමේ මෙම දුෂිත තත්ත්වයන් නිසා බවද ගැමුණු විජේරත්න මහතා පැවසීය.

0 comments:
Post a Comment