ඔබ හැමගේ දුක් ගන්නා රාළ මමයි
ගීතා කුමාරසිංහ (එ.ජ.නි.ස.)
කාන්තාවන් සඳහා හ~ක් නැගීමට අද මේ රටේ කවුරුවත් නෑ. 54% ක් කාන්තාවන් සිටියත්, ගාලූ දිසාවට තරඟ කරන එකම කාන්තාව මමයි. මම මේ පළාත් සභාවට තරඟ නොකරන්නයි හිටියේ. මේ ඛෙන්තොට ප්‍රදේශයේ නගර නෑ. ගම් විතරයි තියෙන්නේ. මේ ගම්වල අඩුපාඩු පිරිලා. හොරවල මාතෘ නිවාසයේ හැටි බලන්න. ඛෙන්තොට හා ඉදුරුවල රෝහල්වල තත්ත්වයත් එහෙමයි. හැම තැනම මාර්ග පාලම් අබලන් වෙලා. 2014 වර්ෂය නිම වීමට පෙර මේ ප්‍රදේශයේ සියළුම මාර්ග හදා නිම කරන බව මම අද මෙහිදී ඉතා වගකීමෙන් කියනවා යැයි දකුණු පළාත් එ.ජ.නි.ස. අපේක්ෂිකා, ඛෙන්තර ඇල්පිටිය ශ්‍රී.ල.නි.ප. සංවිධායිකා, ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. ඇය එසේ පැවසුවේ දීර්ඝ කාලයක් ඉතා අබලන් තත්ත්වයක පැවති මහවිල, හොරවල මාර්ගය කාපට් කිරීමේ කටයුතු ඇරඹීම සඳහා පැවති ජන හමුවක් අමතමිනි.
ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේද පැවසුවාය.
මිරිස්වත්තේ, බෝගහ ගොඩවත්තේ සිට මහවිල හරහා, හොරවල දක්වා කිලෝ මීටර් 4/2 ක දුර ප්‍රමාණයක් කාපට් කිරීම සඳහා මෙම ව්‍යාපෘතියට රුපියල් මිලියන 45 ක් ඇස්තමේන්තු කළා. අඩි 15 ක් පළලට මෙම මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කෙරෙනවා. මම සිනමාවෙන් සම්පූර්ණයෙන්ම සමුගෙන දේශපාලනයට ආවේ හැදෙන්න නොවෙයි. මේ ඛෙන්තර ඇල්පිටිය ජනතාවගේ දුක නිවන්නයි. මම 2010 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළා නම් මෙලහකටත් මේ මාර්ග හැදිලා. එදා පිටින් ආ අය මේ ප්‍රදේශයේ ඡන්ද හා මනාප අරගෙන ගියා. දැන් ඒ අය මේ පැත්තටවත් ආවාද? ආයිත් එන්නේ මනාප එකතු කිරිමටයි. සමහරු පැමිණ පොත් හා කවකටු පෙට්ටි ඛෙදයි. මම නිකම් සංවිධායිකාව වී මෙතරම් වැඩ කළා නම් මන්ත්‍රී වුණොත් මොනතරම් දේවල් කළ හැකිද?
ඛෙන්තොට ඉදුරුව රෝහල් දෙකෙන් එකක්වත් අංග සම්පූර්ණ රෝහල් කළ යුතුයි. ඉදුරුවේ තිබූ ගිලන් රථය බලපිටියට ගත් අවස්ථාවේ මම හැ~ූ කදුළෙන් ගිලන් රථයක් ඉල්ලූවා. ගිලන් රථ 20 ක් ඇවිත් තිබුණා. ඒත් මෙහේට දුන්නේ නෑ. මම පොරොන්දු දේශපාලනයට කැමති නෑ. දේශපාලනය කිරීමට ගොස් මට ලැබුණේ අපහාස, උපහාස, තර්ජන විතරයි. මම ඒවායින් තවත් ධෛර්යමත් වුණා.
මම අවුරුදු 16 න් සිනමාවට ගියා. ඉන් පසු එංගලන්තයට ගොස් විශේෂ උපාධියක් කළා. රූපලාවන්‍ය පාඨමාලා හැදෑරුවා. ව්‍යාපාරික අංශයට එක් වුණා. දැන් ඒ සියල්ලටම ආයුබෝවන් කියා දේශපාලනයට ආවා. මේ ඉන්නේ එදා සිටි නිළි ගීතා නොවෙයි. මං මේ ගමේම ඉපදී හැදී වැඩුණේ. මේ ජනතාවගේ ප්‍රශ්ණ මම හදුනනවා. වසර 20 ක් මන්ත්‍රී කෙනෙක් නොසිටි ඛෙන්තර ඇල්පිටිය තව දුරටත් එසේ තැබුවහොත් මේවා විනාශ වෙයි. දැන් එක එක්කෙනා පිටින් පාත් වෙලා.

0 comments:
Post a Comment