අධිවේගයේ බස් ගාස්තු අඩු වේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම සිට ගාල්ල දක්වා අයකළ රුපියල් 500ක ගාස්තුව වහාම කි්‍රයාත්මක වන පරිදි රුපියල් 420ක් දක්වා අඩුකිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර ඇත.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝග මත මෙම ගාස්තුව පහත දැමූ බවත් ඒ අනුව ඊයේ (13) සිටම මෙම ගාස්තු කි්‍රයාත්මක කළ බවත් ශ්‍රී ලංගම නියෝජ්‍ය සභාපති සහ හයිවේ එක්ස්ප්‍රස් සමාගමේ සභාපති එල්.ඒ විමලරත්න මහතා පැවසීය.
මේ අනුව කඩුවෙල සිට ගාල්ල දක්වා ද රුපියල් 420ක් අයකරන බවත් අධිවේගී මග මාතර දක්වා විවෘත කිරීමෙන් පසු මහරගම සිට කඩුවෙල සිට මාතර දක්වාම අයකරනු ලබන්නේ රුපියල් 500ක් බවත් විමලරත්න මහතා පැවසීය.
ශ්‍රී ලංගම විසින් මෙසේ ගාස්තු පහත දැමීමත් සමග ජාතික ගමනා ගමන කොමිසමේ නිර්දේශ මත අධිවේගී මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථවල ගාස්තුවද රුපියල් 420ක් දක්වා පහත දැමීමට නියමිතය.
.jpg)
0 comments:
Post a Comment