මරණීය දණ්ඩනය නියම වුණු පොට්ට නවුෆර් ස්කයිප් වලින් ඡන්ද දායකයන්ට කතා කරයි
මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතාගේ ඝාතනයට වැරදිකරු වී මරණීය දණ්ඩනය නියමව සිටින පාතාල නායකයකු වන පොට්ට නවුෆර් ස්කයිප් තාඬණයෙන් පසු ගිය දිනක මැද කොළඹ ඡන්ද දායකයන් අමතා තිබේ.
බස්නාහිර පළාත් සභා මැතිවරණයට තරඟ කරන ප්‍රබල අපේක්ෂකයෙකුට ඡන්දය දෙන ලෙස මෙසේ පොට්ට නවුෆර් මැද කොළඹ මුස්ලිම් ඡන්ද දායකයන්ට දැනුම් දී ඇත. මැද කොළඹ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මත් කුඩු ජාවාරම මෙහෙය වූ පොට්ට නවුෆර් මේ වන විට බන්ධනාගාරය තුළ සියලූ සැප පහසුකම් විඳිමින් සිටී. මිනීමරුම් ගණනාවක් සම්බන්ධයෙන් පොට්ට නවුෆර්ට චෝදනා එල්ල වී ඇති අතර, නීති විරෝධී ජාවාරම් රැසකට ඔහු සම්බන්ධ බවද පොලීසිය පවසයි.
පසුගිය සතියේ බෝගම්බර බන්ධනාගාරය වසා දැමීම නිමිත්තෙන් පැවති පිරිත් පින්කමකදී ඔහු නිදහසේ එහෙ මෙහෙ යන අයුරු ඡායාරූපවල සටහන්ව තිබූ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියකුද එය සත්‍යයක් බව ප්‍රකාශ කර තිබිණි.

0 comments:
Post a Comment