දිනුදා ඇතුළු අලිපැටවුන් දෙදෙනා කොරියාවට යැවීම ජනපති නියමයෙන් නවතී
කොරියානුවෝ අලි ඉල්ලා සත්තු වත්තේ යකා නටති
අලින් වෙනුවෙන් විශාල මුදලක් වියදම් කළ බව කොරියානුවෝ කියති
දිනූදාගේ වයස ඇමති දන්නේ නැතිලූ
මානුෂීය මෙහෙයුම් අවසන් සටන සිදුවූ දින (2009 මැයි 18දා)උපත ලද දිනූදාඅලි පැටවා ඇතුළු අලි පැටවුන් දෙදෙනෙකු දකුණු කොරියාවට යැවීමට සූදානම් කර ඇති බවට මාධ්‍ය මගින් කරුණු හෙළි කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වහාම එම කටයුත්ත අත්හිටුවීමට ඊයේ (12දා) පියවර ගත්තේය.
මෙම අලින් දෙදෙනා කොරියාවට යැවීම අත්හිටුවීමේ පුවත් සැලවීමෙන් පසු මෙම අලි ලබා ගැනීම සදහා සම්බන්ධ වූ කොරියානු ජාතිකයන් ඊයේ සත්වෝද්‍යානයට පැමිණ අලි ඉල්ලා යකා නැටූබවද වාර්තා වේ.
දකුණු කොරියාවට යැවීමට සූදානම් කර තිබූ දිනූදා සහ උදාර අලි පැටවුන් දෙදෙනා වයස අවුරුදු 05 ට වඩා අඩු වූවන් බවට හෙළි වී ඇති අතර,මෙම අලි පැටවුන් කොරියාවට යැවීමට තීන්දු වී ඇත්තේ 2009 වසරේ දී ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවද උල්ලංඝණය කරමින් වීම විශේෂත්වයකි.
දිනූදා අලි පැටවාගේ වයස අවුරුදු 4 මාස 10ක් වන අතර,උදාර පැටවාගේ වයස අවුරුදු 4 මාස 9ක් පමණ වේ.
මෙම අලි පැටවුන් දෙදෙනා දකුණු කොරියාවට යැවීම රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවක් නොවන බවද වාර්තා වේ.දකුණු කොරියාවේ එවර්ලෑන්ඩ් ග්‍රීන් පාර්ක් නැමති පෞද්ගලික සත්වෝද්‍යානයට මෙම පැටවුන් දෙදෙනා ප්‍රදානයක් ලෙස ලබා දීමට බලධාරීන් මුලින් සැලසුම් සකස් කර තිබූ බවද වාර්තා වෙයි.
අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමක් පසුගියදා දකුණු කොරියාවේ සංචාරයක ද නිරත වූ අතර,එහිදී මෙම සතුන්වත්තට අදාළ නිලධාරීන් හමු වී තිබේ.අලි පැටවුන් දෙදෙනා කොරියාවට යැවීම සදහා සත්වෝද්‍යාන බලධාරීන් කටයුතු කර ඇත්තේ අමාත්‍යවරයාගේ නිගමනයෙන් බවද වාර්තා වේ.
අමාත්‍යවරයා පැටවුන් කොරියාවට යැවීම පිළිබදව දිගින් දිගටම මැදිහත් වීම් කළ නිසා ජාතික සත්තු වත්ත විසින් මෙම පැටවුන් දෙදෙනා සූදානම් කර තිබේ.අලි පැටවකු රටින් පිට කිරීමේදී ජනාධිපතිවරයා දැනුවත් කළයුතු බවට සම්ප්‍රදායක් පැවතියද,මෙම පැටවුන් කොරියාවට යැවීම පිළිබදව මාධ්‍ය මගින් හෙළි කරන තෙක් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට බලධාරීන් පියවර ගෙන නොතිබිණි.

0 comments:
Post a Comment