සිකුරාදා හිරගෙදරට යන රැදවියන් සදුදා ඇප තබා එළියට යනවිට බැංකු ගිණුමේ විශාල මුදලක්
සිකුරාදා දිනයේදී කිසියම් වැරැද්දකට බන්ධනාගාරගත වෙමින් සදුදා දිනයේ ඇප තබා එළියට යන කණ්ඩායම් පිළිබද තොරතුරු හෙළිදරව් වී තිබේ.
ඔවුන් සුළු වරදවල් කරමින් අධිකරණය හරහා සිකුරාදා දිනයේ බන්ධනාගාරගත වන අතර සෙනසුරාදා සහ ඉරිදා දිනයේ බන්ධනාගාරය තුළ මත්කුඩු ජාවාරම සිදුකරගෙන යන බවට තොරතුරු ලැබී ඇත.
සදුදා දිනයේදී ඇප තබා බන්ධනාගාරයෙන් ඔවුන් පිටවන විට ඔවුන්ගේ බැංකු ගිණුම් වල විශාල ප්‍රමාණයෙන් මුදල් රැස්වී තිඛෙන බවද වාර්තා වේ.
පුද්ගලයන් බන්ධනාගාරය තුළ රැදවීමට ප්‍රථම සිදු කරන පරීක්ෂා සදහා යොදා ගන්නා යන්ත්‍රවලටද හසු නොවන ලෙස කාබන්කොළ වල ඔතා ගුද මාර්ගයේ මත්කුඩු සගවාගෙන මෙම පුද්ගලයන් බන්ධනාගාරගත වන බව මේ පිළිබදව කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසීය.

0 comments:
Post a Comment