ශිව පූජාවට ආ කතුන් දෙදෙනකු කෙලෙසූ ශ්‍රමණ වේශධාරියා මාට්ටු
කාන්තාවන් දෙදනකු හා බාලවයස්කාර දැරියක ලිංගික අපයෝජනයට ලක් කළ හිමිනමක් පෙරේදා (16) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව දඔගල්ල පොලිසිය පවසයි.
ලිංගික අපයෝජන සිදු කළ හිමිනම එම කාන්තාවන්ට පවසා ඇත්තේ මෙය ශිව දෙවියන් උදෙසා කළ පූජාවක් බව යැයි පොලිසිය කියයි.
මෙම හිමිනම පොලිස් අත්අඩංගුවට පත්වන විටත් මොහු අපරාධ හා චෝදනා රැසක් සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය, කඩුගන්නාව, බණ්ඩාරවෙල ආදී පොලිසිවලට අවශ්‍යව සිටි පුද්ගලයකු බව දඔගල්ල පොලිසිය පවසයි.
වකුගඩු රෝගයෙන් ඔත්පලව සිටින පුද්ගලයෙකුට ශාන්ති කර්මයක් සිදුකිරීමට මෙම හිමිනම නිවෙසට රැගෙන විත් ඇත්තේ ඔහුගේ බිරිය විසිනි.
මෙම හිමිනම ශාන්තිකර්ම මගින් රෝගීන් සුව කරන බව ප්‍රදේශයේ ප්‍රසිද්ධ වී සිට ඇතිඅතර ප්‍රථමයෙන් රෝගී සැමියාට පෙර මෙම කාන්තාවට ශාන්ති කර්මයක් කොට ශිව දෙවියන් වෙනුවෙන් පූජාවක් පැවැත්විය යුතු බව දන්වා ඇය නිවසේ කාමරයකට රැගෙන ගොස් ඇයට ලිංගික අපයෝජනයක් සිදුකර ඇතැයි පොලිසිය කළ මූලික පරීකෂණවල දී හෙළි වී ඇත.
පසුව ඊට පැය කීපයකට පසු මෙම ශාන්ති කර්මය දැක බලා ගැනීමට පැමිණි ගැබිණි කාන්තාවකට ද මෙම හිමිනම ලිංගික අපයෝජනයක් සිදුකර ඇතැයි පොලිසිය කළ මූලික පරීකෂණවල දී හෙළි වී ඇත.
පසුව ඊට පැය කීපයකට පසු මෙම ශාන්ති කර්මය දැක බලා ගැනීමට පැමිණි ගැබිණි කාන්තාවකට ද මෙම හිමිනම ලිංගික අපයෝජනයක් සිදුකර පසුව එදිනම පස්වරුවේ පහළොස් හැවිරිදි දැරියකද නිවසින් එළියට කැ`දවාගෙන ගොස් මොහු ලිංගික අපයෝජනයකට ලක්කර තිබේ යැයි පොලිසිය කියයි.
අනතුරුව නිවැසිකාන්තාවට මෙම හිමිනම නැවත වරක් ලිංගික අපයෝජනයක් කර ඇති බව දඔගල්ල පොලීසිය පවසයි. මොහු මෙම ලිංගික අපයෝජන සිදුකර එම කාන්තාවන්ට පවසා ඇත්තේ ඒ දේවල් ශිව දෙවියන් උදෙසා කළ පූජාවන් ලෙසය.
.jpg)
0 comments:
Post a Comment