24H Best Sinhala News In Sri Lanka

Thursday, 27 February 2014

බාහිර උපාධි විභාගය විශ්වවිද්‍යාලවලින් ගැලවෙයි

00:26 By Era

බාහිර උපාධි විභාගය විශ්වවිද්‍යාලවලින් ගැලවෙයි
බාහිර උපාධි විභාගය විභාග දෙපාර්තමේන්තුවෙන්
බාහිර උපාධියේ ගුණාත්මකභාවය අඩුවෙලා
උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක

බාහිර උපාධි අපේක්ෂකයන්ට ලබාදෙන උපාධියට ගුණාත්මකභාවයක් ඇති කිරීම සදහා මින් ඉදිරියට බාහිර උපාධිය පිරිනැමීම සදහා පවත්වන විභාගය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් පත්කරන කමිටුවක නිර්දේශයට අනුව විභාග දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා සදහන් කළේය.
මෙතෙක් බාහිර උපාධි පිරිනැමීම සිදුකරනු ලැබුවේ විශ්වවිදයා අචාර්යවරයෙකු විසින් ඉගැන්වීම් කටයුතු සිදුකර,ඔහු විසින්ම ප්‍රශ්න පත්‍රය සකස් කර,ඔහු විසින්ම ප්‍රශ්න පත්‍රය බලා ලකුණු ලබාදීම මගින් බවද ඒ මහතා පවසා සිටියේය.
මේ නිසා බාහිර උපාධිධාරී අපේක්ෂකයන් ලබාගන්නා උපාධිය ගුණාත්මකභාවයක් නොමැති තත්ත්වයකට පත්වූ බවත්,එහෙත් එවැනි පිරිසක් රටතුළ බිහිකර ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
මහින්ද චින්තන ප්‍රතිපත්තියට අනුවද දැනුමෙන් සන්නද්ධ පිරිස් බිහි කිරීම එකම අභිලාෂය බවත්,මේ නිසා බාහිර උපාධි අපේක්ෂකයන් ලෙස සියලූ දෙනාම ලියාපදිංචි කරගත්තද මෙම ක්‍රමවේදයට විභාග පවත්වා උපාධි පිරිනැමීම ඉදිරියේදී සිදුවන බවත්,අමාත්‍යවරයා පවසා සිටියේය.
පසුගිය කාලයේ බාහිර උපාධිය ලබාගත් බොහෝ පිරිසක් ගුරු විභාග වලට මුහුණ දී තිඛෙන බවත්,එම විභාග වලින් වැඩි වශයෙන් අසමත් වී තිඛෙන්නේද බාහිර උපාධිධාරීන් බවත් අමාත්‍යවරයා සදහන් කළේය.බාහිර උපාධියක් ලබාගැනීමට අමතරව මේ රටතුළ ජීවත්වන ඕනෑම දරුවෙකුට කාර්මික අංශයෙන් උසස් අධ්‍යාපන ආයතන මට්ටමින් උපාධියත්,ඉන් ඉහළට තිඛෙන විශේෂ උපාධි ලබා ගැනීමටත් අවස්ථාව ලබාදී තිඛෙන බවද,අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

0 comments:

Post a Comment