24H Best Sinhala News In Sri Lanka

Wednesday, 19 February 2014

බොරැල්ල කනත්තේ ජෝතිපාලගේ වළ අසලින් ඇමති මර්වින් සිල්වා තමන්ගේම වළ කපාගනී

00:27 By Era

බොරැල්ල කනත්තේ ජෝතිපාලගේ වළ අසලින් ඇමති මර්වින් සිල්වා තමන්ගේම වළ කපාගනී
මුල්ගල තැබීම සති දෙකකින්.උපත විපත දාන්නේ නෑලූ

මම බොරැල්ලේ සුසාන භූමියේ ජෝතිපාලගේ වළ ළගින්ම වළක් ගත්තා.සල්ලිත් බැදලා ඉවරයි.තව සති දෙකකින් අත්තිවාරම කපලා මමම මුල්ගල තියනවා.මම කොට නිසා කොට සොහොන් කොතකුත් හදනවා.එදාට මම කාට කාටත් ආරාධනා කරනවා.
මේ අපූරු කතාව පැවසුව් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමති මර්වින් සිල්වා මහතාය.
මර්වින් ඇමතිවයා එසේ පැවසුවේ පෙරේදා (17දා) කැලණිය ශ්‍රී උපුල්වන් විශ්ණු දේවාල භූමියේ පැවති ඉදිරි පළාත් සභා මැතිවරණය පිළිබද කැලණිය ජනතාව දැනුවත් කිරීම සදහා පැවති රැස්වීමකදීය.
මර්වින් ඇමතිවරයා තවත් අපූරු හෙළි කිරීම් කීපයක් සමග මෙහිදී ජනතාව දැනුවත් කිරීමක් කළේය.
මම ඉන්දියාවේ ප්‍රබල ශාස්ත්‍රකරුවෙකුගෙන් දැනගෙන තිබුණා ශ්‍රී ලංකා භූමියේ විෂ්ණු දේවාලයක් ඉදි කළොත් යුද්ධය නිමවෙන බව.එවන් දේවාලයක් දකින්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් පින තිබුණා.එම දේවාලය සෑදීමේ ශක්තිය,ධෛර්ය හා වාසනාව මට ඇති බවත් පවසා තිබුණා.හැබැයි මට කරදර සිදුවෙන බවත් පවසා තිබුණා.දේවාලය සෑදුයා යුද්ධය අවසන් වුණා.මට කරදර ඇති වුණා.
මම ඉන්දියාවේදී බලාපු තවත් ශාස්ත්‍රයකදී කීවා දැන් මේ පින්වන්තයා සත් වතාවක් උත්පත්ති ලබා තියනවා.නැවත උත්පත්තියක් සිදු වෙන්නේ මෛත්‍රී බුදුන් උපත ලබන විටදී පමණයි කියලා.
මම තීරණයක් ගත්තා කාලෙකින් නැවත උත්පතියක් නොලබන නිසා බොරැල්ල සුසාන භූමියේ ජෝතිපාලගේ වළ ළ`ගින්ම වළක් ගන්න.සල්ලිත් බැ`දලා ඉවරයි.තව සති දෙකකින් අත්තිවාරම කපලා මමම මුල්ගල තියනවා.මා කොට නිසා කොට නිසා කොට සොහොන් කොතක් හදනවා.හැබැයි ඒ සොහොනේ මගේ උපත දාන්නේ නැහැ.විපත දාන්නෙත් නැහැ.
මම ශාස්ත්‍ර අහන්න ඉන්දියාවට ගිය වෙලාවේ මගේ මිත්‍රයන් කීපදෙනෙකුත් ඒ ගමනට ගියා.ය මගේ පෙර බව ගැන කී කතාවට සාක්ෂි දරාවි.

0 comments:

Post a Comment