කිරිපිටි වල සීනි පරීක්ෂාව රස පරීක්ෂකට
මෙරට වෙළදපොළේ අලෙවි කිරීමට තිඛෙන ආදේශක කිරිපිටි වර්ගවල සාම්පල ඊයේ (20දා) ලබාගත් බවත් එහි අඩංගු සීනි ප්‍රමාණය පරීක්ෂා කිරීම සදහා රසපරීක්ෂක වෙත යොමු කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ජෙ.එම්.ජෙ ඩග්ලස් මහතා ප්‍රකාශ කළේය.මෙම කිරිපිටි වල අඩංගු සීනි සාන්ද්‍රණය ඉහළ මට්ටමක පැවතිය හොත් සහ එය පරිභෝජනයට නුසුදුසු බවට අනාවරණය වුවහොත් මෙරට වෙළදපොළෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ජෙ.එම්.ජෙ ඩග්ලස් මහතා අනාවරණය කළේය.
කිරිිපිටි මිල ඉහළ යාමත් සමග මෙරට ප්‍රසිද්ධ කිරිපිටි සමාගමක් විසින් මෙම බාල වර්ගයේ ආදේශක කිරිපිටි අඩු මිලකට අලෙවි කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට පැමිණිලි ලැබී ඇති බව ඒ මහතා සදහන් කළේය.

0 comments:
Post a Comment