24H Best Sinhala News In Sri Lanka

Wednesday, 19 February 2014

නොරොච්චෝල ඉදි නොකළානම් විදුලිය නිපදවන්න කෝටි 500 ක් යනවා

21:01 By Era

නොරොච්චෝල ඉදි නොකළානම් විදුලිය නිපදවන්න කෝටි 500 ක් යනවා

ඇමති පවිත්‍රා මැතිසබේදී කියයි

නොරොච්චෝලේ ගල් අඟ=රු බලාගාරය ඉදි නොකළේ නම් ගතවූ කාලය තුළ ඉන්ධනවලින් විදුලිය නිෂ්පාදනයට රුපියල් කෝටි 6,500 ක් වැයවන බව විදුලිබල හා බලශක්ති ඇමතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී පෙරේදා (18) ප්‍රකාශ කළාය.
නොරොච්චෝලේ ගල් අඟ=රු බලාගාරය ඉදි කිරීමට ගිය සම්පූර්ණ වියදම රුපියල් කෝටි 5,000 ක් බවද ඇමතිවරිය කීවාය.
ඇමතිනී වන්නි ආරච්චි මහත්මිය මේ බව පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රී පී. හැරිසන් මහතා විසින් අසන ලද ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි.
නොරොච්චෝලේ බලාගාරය මේ වන විට 25 වන වතාවටත් කැඩී ඇතැයි හැරිසන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඊට පිළිතුරු දුන් ඇමතිනී වන්නි ආරච්චි මහත්මිය, වික්ටෝරියා බලාගාරය 52 වතාවක් කැඩී ඇතැයි සඳහන් කළාය.
එපමණක් නොව, කොත්මලේ බලාගාරය වසර 2 ක් වසා දමා තිබූ බවද ඇමතිවරිය කීවාය.
වික්ටෝරියා බලාගාරය 52 වතාවක් කැඩී ඇති බව ඇමතිවරිය ඔප්පු කරන්නේ නම් තමා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බව හැරිසන් මන්ත්‍රිවරයා කීවේය.

0 comments:

Post a Comment