24H Best Sinhala News In Sri Lanka

Wednesday, 19 February 2014

කාර් රේස් සදහා මුහුද ගොඩ කරන්නේ කාගේ අවශ්‍යතාවටද?

00:21 By Era

කාර් රේස් සදහා මුහුද ගොඩ කරන්නේ කාගේ අවශ්‍යතාවටද?
විපක්ෂ නායක මැති සබයේදී ප්‍රශ්න කරයි

කොළඹ හා ගම්පහට අයත් මුහුද ගොඩකර ෆෝමියුලා මෝටර් රථ ධාවන පථයක් ඉදි කිරීමට රජය කටයුතු කරමින සිටින බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.
අක්කර පන්සීයක පමණ වපසරියක මුහුද ගොඩකර කොළඹ වරාය ආසන්නයේ නගරයක් නිර්මාණය කිරීමට වරාය අධිකාරියට තිඛෙන අයිතිය කුමක්දැයි විපක්ෂ නායකවරයා මෙහිදී විමසීය.
ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ නියෝග පිළිබද විවාදයට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙසේද කීවේය.
මුහුද ගොඩකරලා ඉඩම් අත්පත් කර ගත්තාම වන්දි ගෙවන්නේ කොහොමද...මොනාකෝ රාජ්‍යටත් වඩා විශාල ප්‍රදේශයක් මුහුද අත්පත් කර ගන්නයි මේ උත්සාහ කරන්නේ.එම භූමිය තුළ කැසිනෝ,කාර් රේස් ආදිය පැවැත්වීමට රජය ඉලක්ක කර තිඛෙනවා.මේ වරාය සංවර්ධන නගරය නමින් කරන වැඩසටහන ගැන රජය රටට නිවැරදි කරුණු හෙළි කළ යුතුයි.
මෝටර් රථ තරගාවලි පවත්වන්න විශාල භූමි ප්‍රමාණයක් වෙන්කර ගන්නේ කාගේ උවමනාවටද?හෙක්ටයාර 20ක් සින්නක්කර ලෙස මෙසේ විකුණන්න යනවා.සුද්දාවත් නොකළ දෙයක් තමයි මේ රජය කරන්න යන්නේ යැයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කීය.

0 comments:

Post a Comment