24H Best Sinhala News In Sri Lanka

Monday, 24 February 2014

No Fire Zone ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනයට මැක්රේ සූදානම්

20:26 By Era

No Fire Zone  ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනයට මැක්රේ සූදානම්

ඉන්දියාව හා මැලේසියාව තුළ තම  No Fire Zone  චිත්‍රපටය අන්තර්ජාලය හරහා නිකුත් කළා සේම,ශ්‍රී ලංකාව හා නේපාලය තුළත් එය අන්තර්ජාලය හරහා නිකුත් කිරීමට කටයුතු කරන බව බි්‍රතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂ කැලම් මැක්රේ පවසයි.
ඉන්දියාව තුළ   No Fire Zone   චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සදහා අවශ්‍ය අවසරය ලබාදෙන ලෙසට ඉල්ලීම් කළත්,ඉන්දියාව එයට අවසර නොදුන් අතර,නමුත් මැක්රේ තමිල්නාඩුව හා එක්ව පෙරේදා (23දා) ස්කයිප් හරහා චෙන්නායි නුවරදී අදාළ චිත්‍රපටය විකාශය කළේය.
මාර්තු මස තුන්වැනිදා ආරම්භ වන මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව පිළිබද හොද සූදානමකින් අනෙකුත් රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සමුළුවට අවතීර්ණ වීමට තම චිත්‍රපටය රුකුලක් වනු ඇතැයි මැක්රේ විශ්වාසයෙන් පසුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

0 comments:

Post a Comment