පිළිකා රෝහලේ අකුණු සන්නායකය උස්සලා
වටිනාකම ලක්ෂ 60 ක්
මහරගම පිළිකා රෝහලේ අකුණු සන්නායකය පෙරේදා (17) රාත්‍රියේ ගලවාගෙන ගොස් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම අකුණු සන්නායකය එම රෝහලේම පරිපාලනයට සම්බන්ධ එක්තරා පුද්ගලයකු තවත් පිරිසක් සමඟ එක්ව ගළවාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
තඹ ලෝහයෙන් සාදන ලද අකුණු සන්නායකයේ වටිනාකම රුපියල් ලක්ෂ 20 ක් පමණ වන බව පැවසේ.
මෙම සොරකම සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් සෞඛ්‍ය අමාත්‍යංශයට හා මිරිහාන පොලීසියටද පැමිණිලි කර ඇත.
මේ අතර ඕස්ටේ්‍රිලියාවේ හිටපු නියෝජ්‍ය මහකොමසාරිස්වරයකු වන මයිකල් සිල්වා මහතා සිය ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 40 ක පමණ වියදමින් ඉදි කළ පිළිකා රෝහලේ ගොඩනැගිල්ලේ ආරක්ෂක පද්ධතියද පෙරේදා රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගළවාගෙන ගොස් ඇත.
මයිකල් සිල්වා මහතාද ඒ පිළිබඳව සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ මිරිහාන පොලීසියට පැමිණිලි කර තිබේ.

0 comments:
Post a Comment