24H Best Sinhala News In Sri Lanka

Friday, 28 February 2014

කොළඹ කුණු දුම්රියෙන් පුත්තලමට

21:50 By Era

කොළඹ කුණු දුම්රියෙන් පුත්තලමට
-කොළඹ පුරපති

කොළඹ නගර සභාවේ එක්රැස්වන කසළ දුම්රිය මාර්ගයෙන් පුත්තලම අරුක්කාල් ප්‍රදේශයේ හිස් භූමියකට ගෙනයාම සදහා කටයුතු කරන බව කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා රිවිරට පැවසීය.
කසළ පුත්තලමට ගෙන යාමේදී කසළ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස බ්ලූමැන්ඩල් කසළ කන්ද ප්‍රදේශය භාවිත කිරීමට පියවර ගන්නා බව නගරාධිපතිවරයා සදහන් කළේය.
ඒ අනුව ඉදිරියේදී මීනාතොටමුල්ල කසළ කන්දට කොළඹ නගරයේ එක්රැස් වන කසළ දැමීම සම්පූර්ණයෙන් නතර කරන බවත් එම කසළ කන්ද ආශ්‍රිතව ජීවත් වන පවුල් 300 සදහා නිවාස 300ක් ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන නගර සභාවෙන් වෙන් කිීරීමට තීරණය කළ බවත් නගරාධිපතිවරයා පැවසීය.
බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ එක් රැස් වී ඇති දිරාගිය කසළ කැලණිය පන්සල් භූමියේ ඉඩමකට දැමීමටද තීරණය කර ඇති බවත් නගරාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

0 comments:

Post a Comment