නොරොච්චෝල බලාගාරයට මුහුදු වැලි දැම්මාදැයි පරීක්ෂණයක්
නොරොච්චෝලේ ගල් අඟ=රු බලාගාරයට මුහුදු වැලි දමන ලදැයි කියන සිද්ධිය හා එහි සී.සී.ටී.වී. කැමරාව වෙනස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇතැයි මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් පැවසීය.
එම පරීක්ෂණ කමිටු වාර්තාව හැකි ඉක්මනින් ලබා දෙන ලෙස කමිටුවට උපදෙස් දී ඇති බවද ඔහු සඳහන් කළේය.
බලාගාරයේ කන්ඩෙන්සරයට මුහුදු වතුර ඇතුළුවීම සාමාන්‍ය දෙයක් වුවද බලාගාරයේ වෙනත් ස්ථානයකට මුහුදු වැලි ඒමේ ඉඩකඩක් නැතැයි කී එම නිළධාරියා ප්‍රශ්ණයට මුල් වී ඇත්තේ බලාගාරයේ වෙනත් ස්ථානයක තිබී මුහුදු වැලි හමුවීම යැයි කීෙවීය.
මීට අමතරව බලාගාරයේ සී.සී.ටී.වී. කැමරාවක් වෙනස් කර ඇතැයි කී එම නිළධාරියා එය කඩාකප්පල් ක්‍රියාවක් විය හැකි යැයි සඳහන් කළේය.
අවශ්‍යවුවහොත් මීටත් එහා ගිය බාහිර පාර්ශවයක මැදිහත්වීමෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා බවද එම ප්‍රකාශකයා කීවේය.

0 comments:
Post a Comment