මෙරට මහේස්ත්‍රාත් අධිකරණයක ප්‍රථම වතාවට Skype තාඬණය ඔස්සේ සාක්ෂියක් මෙහෙයවීමට යයි
මෙරට මහේස්ත්‍රාත් අධිකරණය මෙහෙයවන අපරාධ නඩුවක් සම්බන්ධයෙන් ප්‍රථම වතාවට ඉතාලි ජාතික සාක්ෂිකාරිනියකගේ සාක්ෂි සිකයිප් ඔස්සේ මෙහෙයවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පොලීසියට අවසර ලබා දී තිබේ.
ඒ අනුව ඉතාලි ජාතික කාන්තාවක් 2011 වසරේදී මෙරට හෝටලයක රැදී සිටියදී ඇයට අයත් ඇමෙරිකානු ඩොලර් 700 ක මුදලක් සොරාගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ඉතාලි ජාතික පැමිණිලිකාරියගේ සාක්ෂිය මාර්තු මස 14 දා skype තාක්ෂණය ඔස්සේ අධිකරණයේදී මෙහෙයවීමට නියමිතය.
මෙම සාක්ෂි මෙහෙයවීම කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යාපන ආයතනයේ තාක්ෂණික නිළධාරියකුගේ ස්වාධීන නිරීක්ෂණය මත සිදුවිය යුතු බවටද මහේස්ත්‍රාත්වරයා නිර්දේශ කළේය.
ෆ්‍රැන්සිස්කා ඩයිඩා නමැති ඉතාලි ජාතික කාන්තාව දැනට මෙරට වාසය නොකරන බවත්, ඇයට මෙම නඩුව සඳහා මෙරටට පැමිණීමේ ප්‍රායෝගික අපහසුතා ඇති බවට පොලීසියට දන්වා ඇති බැවින් මේ සඳහා වන සාක්ෂි විමසීම — ස්කයිප් තාක්ෂණය ඔස්සේ සිදුකරන ලෙසට කොටුව පොලීසිය අධිකරණයෙන් අයැද සිටියේය.

0 comments:
Post a Comment