කුරුණෑගල සිසුවියගේ මරණය
ෆේෂ්බුක් ඡායාරූපය නිර්මාණය සොයන්න විශේෂ පොලිස් පරීක්ෂණයක්
කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි වෙනූෂා ඉමන්දි බණ්ඩාර සිසුවිය සිය දිවි නසා ගැනීමේ සිද්ධියට මුල් වූ එම ඡායාරූපය නිර්මාණය කර එය ෆේස් බුක් පිටුවට එක් කිරීම සිදු කළේ කවුද යන්න හෙළි කර ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම පරීක්ෂණයේදී සිසුවියගේ ඡායාරූපය සකස් කළේ කවුද එය ෆේස් බුක් පිටුවට මුදා හැරියේ කවුද යන්න අනාවරණය කරගත හැකි වනු ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම සිසුවියට මෙම සිද්ධිය මුල්කරගෙන පාසලේදී ඇති වූ බව කියන අපහසුතාවන් සම්බන්ධයෙන් පාසලේ 15 දෙනෙකුගෙන් පමණ ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
.jpg)
0 comments:
Post a Comment