24H Best Sinhala News In Sri Lanka

Tuesday, 18 February 2014

පිටිසර දේවාල 15 ක් පූජා භූමි ලෙස නම් කරයි

02:01 By Era



පිටිසර දේවාල 15 ක් පූජා භූමි ලෙස නම් කරයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්පිටිසර දේවාල 15ක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇතැයි බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්.කේ.බී. දිසානායක මහතා පවසයි.
අග්‍රාමාත්‍ය සහ බුද්ධශාසන අමැති දි.මු. ජයරත්න මහතාගේ යෝජනාවක් අනුව ජනාධිපතිවරයා මේ පියවර ගෙන ඇති බවද ලේකම්වරයා කීය.
මෙසේ පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ වේගිරිය ශ්‍රී නාථ දේවාලය, දෙඩම්වල ශ්‍රී නාථ දේවාලය, ගනේගොඩ ශ්‍රී කතරගම දේවාලය, වල්වාසගොඩ ශ්‍රී කතරගම දේවාලය, අලවතුගොඩ සමන් දේවාලය, පස්ගම ශ්‍රී නාථ දේවාලය, මොරපේ ශ්‍රී කතරගම දේවාලය, ඇම්බැක්ක ශ්‍රී පත්තිනි දේවාලය, කිරි`දිගල ශ්‍රී විෂAණු දේවාලය, ගොන්නගල ශ්‍රී විෂAණු දේවාලය, ජන්තුරේ ශ්‍රී විෂAණු දේවාලය, කැන්දවල ශ්‍රී විෂAණු දේවාලය, බොල්තුඩේ සමන් දේවාලය, සොරගුණේ කුඩා කතරගම දේවාලය සහ කොටබෝව කුඩා කතරගම දේවාලය වේ.

0 comments:

Post a Comment