මෝඩි අගමැති වුණොත් ලංකාවට හමුදා සහාය නෑ
භාරතීය ජනතා පක්ෂයේ අගමැති ධූර අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි බලයට පත් වූ පසු ශ්‍රී ලංකාවට හමුදා සහය නොදෙන බවට පොරොන්දු වූ බව එම්.ඩී.එම්.කේපක්ෂයේ මහලේකම් වයිකෝ පැවසීය.
මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් වයිකෝ ප්‍රකාශ කෙළේ චෙන්නායි නුවරදී නරේන්ද්‍ර මෝඩි හමු වූ බවත් එහිදී තමන් ශී්‍ර ලංකා හමුදාව දෙමළ ජනතාවට එරෙහිව කළ ක්‍රෑරකම් පිළිබ`දව නරේන්ද්‍ර මෝඩි දැනුවත් කළ බවයි.එම අවස්ථාවේ දී ඉන්දියාවේ හිටපු අගමැතිඅතල් බිහාර් වජ්පායිගේ හමුදා සහයක් ලබා නොදීමේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන බවට නරේන්ද්‍ර මෝඩි පොරොන්දු බව වයිකෝ තව දුරටත් පැවසීය.
දෙමළ ජනයාට සාධාරණයක් ඉටුකිරීම ස`දහා එළැෙඔන 26 වැනිදාට ලොව පුරා උද්ඝෝෂණ සංවිධානය කරන බවත් බි්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ඇතළු ලෝක නායකයන්ගේ නිවෙස් ඉදිරිපිටද මෙම උද්ඝෝෂණ පවත්වන බවත් ඔහු කීය.
බි්‍රතාන්‍යයේ චැනල් 4 නාළිකාව ශ්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් නවතම සාක්ෂි ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් අහිංසක දෙමළ කාන්තාවන් 15 දෙනකු ලිංගික අතවරවලට ලක්වෙන අයුරුත් යුද සමයේදි ඝාතනයට ලක්වන අයුරුත් දැක්වෙන ඡායාරූප එළිදැක්වීමට නියමිත බවත් කීය.
.jpg)
0 comments:
Post a Comment