වල්ලපට්ට ශාකය ආරක්ෂිත ශාකයක් බවට නම් කරන්න
වල්ලපට්ට ශාකය පරිසරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන පිරිස් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළත්, එම ශාකය ආරක්ෂිත ශාකයක් ලෙස නම් කිරීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බවත්, මේ නිසා වල්ලපට්ටා ජාවාරම්කරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ වන සංරක්ෂණ ආඥා පනතේ පවතින විΩධිවිධානවලට අනුව පමණක් බවත් දේශීය වනාන්තර සුරැකීමේ සංගමය සඳහන් කරයි.
වල්ලපට්ට ශාකය ආරක්ෂිත ශාකයක් ලෙස නම් නොකළත්, 2012 වසරේ නිකුත් කළ රතු දත්ත ලේඛනයට අනුව වඳ වී යාමේ අවදානමට ලක් වී ඇති ශාකයක් ලෙස නම් වී තිඛෙන බවද එම සංගමයේ සභාපති අතික් නසීර් මහතා සඳහන් කළේය.
මෙලෙස අනාරක්ෂිත තත්ත්වයට පත් වී ඇති ශාකය රැකගැනීමට වගකිවයුත්තන් කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත්, මේ නිසා වල්ලපට්ට ශාකය යැයි වරදවා තේරුම්ගෙන මෙම ශාකයට සමාන ශාකද විනාශ කර දමමින් තිඛෙන බවත් හෙතෙම පවසා සිටියේය.
.jpg)
0 comments:
Post a Comment