24H Best Sinhala News In Sri Lanka

Tuesday, 25 February 2014

මාරාන්තික ඩිස්ටෙම්පර් රෝගය බස්නාහිර සුනඛයන්ට පැතිරේ

01:26 By Era

මාරාන්තික ඩිස්ටෙම්පර් රෝගය බස්නාහිර සුනඛයන්ට පැතිරේ
බෝවන්නේ සුළග මගින්

සුනඛයන්ට මාරාන්තික රෝගයක් වන ඩිස්ටෙම්පර් වෛරසය බස්නාහිර පළාත තුළ පැතිර යාම හේතුවෙන් සුනඛයන් විශාල සංඛ්‍යාවක් මියයාමේ අවදානමක් පවතින බව පශ වෛද්‍ය අනුර දිසානායක මහතා රිවිරට පැවසීය.

Canine Distemper වෛරසය මගින් ආසාදනය වන මෙම රෝගය හේතුවෙන් සුනඛයන්ගේ පසුපස ප්‍රදේශය අප්‍රාණික වන අතර මේ හේතුවෙන් සුනඛයන් මිය යාම හෝ ජීවිත කාලය පුරා පසුපස ප්‍රදේශය අප්‍රාණික වන බව අනුර දිසානායක මහතා පෙන්වා දුන්නේය.
මේ වනවිට මෙම වෛරසය අතුරුගිරය, කොට්ටාව, ගොඩගම, හෝමාගම, බෝපේ, බියගම,පන්නිපිටිය,කළුතර,ගම්පහ ඇතුළු ප්‍රදේශ ගණනාවක අධික ලෙස පැතිර යමින් තිබේ.
වෛරසය සුළග මගින් පැතිරී යන අතර අසාදිත සුනඛයන්ගෙන් පිටවන දේහ තරල සහ ශ්‍රාවය වන කෙල,සොටු දියර,කබ මගින් තවත් සුනඛයෙකුට අසාදනය විය හැක.

0 comments:

Post a Comment