ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවිය මගින්, අන්තර්ජාල නිදහස් කෙටි පණිවුඩ සේවා සඳහා යොදා ගැනෙන වට්ස් - ඇප් අන්තර්ජාල සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 19 කට මිලදීගැනීමට සැරසෙනවා. එය ශ‍්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියන 2470 කට ආසන්න මුදලක්. වට්ස් - ඇප් මෘදුකාංග මසකට භාවිත කරන ලොව පුරා ග‍්‍රාහකයන්ගේ සංඛ්‍යාව මිලියන 450 ක් වන අතර ෆේස් බුක් නිර්මාතෘ මාක් සකබර්ග් කියා සිටියේ මෙය වටිනා මිලදීගැනීමක් බවයි. එම සංඛ්‍යාව ඉදිරියේදී කෝටි 100 ක් දක්වා ඉහළ යනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළා.

0 comments:
Post a Comment