24H Best Sinhala News In Sri Lanka

Wednesday, 19 February 2014

බතලගොඩින් නව බිත්තර වී වර්ගයක්

21:05 By Era

බතලගොඩින් නව බිත්තර වී වර්ගයක්

බතලගොඩ වී පර්යේෂණ ආයතනය ශීතල දේශගුණයට වඩාත් උචිත නව බිත්තර වී ප්‍රභේදයක් හදුන්වා දී තිබේ.
මෙම නව බිත්තර වී ප්‍රභේදය බී.ජී.එම්.ඒ.ටූ. ලෙස නම් කර ඇත. මෙම වී වර්ගය වගා කිරීමෙන් අක්කරයකින් වී බුසල් 80 ක් 100 ත් අතර අස්වැන්නක් ලබා ගත හැකි බවත් විශේෂයෙන්ම තෙත් කලාපයේත්, මධ්‍යම පළාත ආශ්‍රිතවත්, කෑගල්ල හා මාවනැල්ල ආදී ප්‍රදේශවලත් ඉතාමත් සාර්ථකව මෙම නව බිත්තර වී ප්‍රභේදය වගා කළ හැකි යැයි බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ පර්යේෂණ අංශයේ නිළධාරීන් කියති.
මෙම නව බිත්තර වී ප්‍රභේදය වගා කිරීමට කැමැත්තක් දක්වන ගොවි මහතුන්ට එම බිත්තර වී කිලෝවක් හෝ දෙකක් නොමිලේ ලබා දීමටද බතලගොඩ වී පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබේ.
දැනට මෙම නව බිත්තර වී කිලෝ දෙදහසක් (2000) පමණ තම ආයතනය සතුව ඇතැයි එහි නිළධාරීහු වැඩිදුරටත් කියති.

0 comments:

Post a Comment