මහනුවරට උමං මාර්ග පද්ධතියක්
මහනුවර නගරය පසුකොට පිට පළාත්වලට දිවෙන වාහනවල පහසුව සදහාත්,මහනුවර නගරයේ ඇති අධික රථවාහන තදබදයට පිළියමක් ලෙසත් නගරයෙන් පිට ස්ථාන හතරක් ආවරණය වන පරිදි නගරය මැදින් උමං මාර්ග පද්ධතියක් ඉදිකිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා (සැලසුම්) ඩී.එන් සියඹලාපිටිය මහත්මිය පැවසුවාය.
ඒ මහත්මිය ඒ බව සදහන් කළේ මහනුවර දිස්ති්‍රක් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවති දිස්ති්‍රක් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදීය.
මහා මාර්ග දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය මුල් වී සිදු කළ සමීක්ෂණයක ප්‍රතිලයක් ලෙස මෙම උමං මාර්ග ඉදිකිරීමට නියමිත අතර,සුදුහුම්පොළ,අම්පිටිය,ගල්හි`දවත්ත හා තැන්නකුඹුර යන ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම උමං මාර්ග පද්ධතිය ඉදිකරනු ලබන බවද සියඹලාපිටිය මහත්මිය සදහන් කළාය.
.jpg)
0 comments:
Post a Comment