24H Best Sinhala News In Sri Lanka

Monday, 10 March 2014

අන්තර්ජාල ලොතරැයි ඇරඹීමට අවසර

00:27 By Era

පෞද්ගලික සමාගමක් ප්‍රථම වරට ලොතරැයි වෙළඳ පොළට ප්‍රවිෂ්ඨ වෙයි
අන්තර්ජාල ලොතරැයි ඇරඹීමට අවසර

අන්තර්ජාල ලොතරැයි ව්‍යාපාරයක් ඇරඹීම සඳහා විදේශීය සම්බන්ධතා සහිත ශ්‍රී ලංකාවේ පෞද්ගලික සමාගමකට අවසර දීමට රජය තීරණය කර තිබේ.
අන්තර්ජාල ක්‍රීඩා දහස් ගණනක් (ැ-ඨ්පැි) සඳහා පිවිසුම් සහිත මෙම අන්තර්ජාල ව්‍යාපාරය, ඕෂනික් ගේම්ස් (පෞද්ගලික) සමාගම, හොංකොංහි ැ-ට්පැි ීදකමඑසදබි සමාගම සමඟ එක්ව ආරම්භ කිරීමට නියමිතය.
අදාළ හොංකොං සමාගම ලොතරැයි වෙළඳපොළෙහි ඉදිරියෙන්ම සිටින ආයතනයක් ලෙස හැඳින්වෙයි. මේ අනුව ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය යන රජයේ ලොතරැයි වලට අමතරව ප්‍රථම වරට පෞද්ගලික සමාගමකට ලොතරැයි වෙළඳ පොළට ප්‍රවිෂ්ඨ වීමට අවස්ථාව ලැබී තිබේ. අන්තර්ජාල ක්‍රීඩා යන නාමය යටතේ ඉදිරිපත් වන මෙම අන්තර්ජාල ලොතරැයි සමාගමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර මේ අනුව ලොව ප්‍රකට අන්තර්ජාල ලොතරැයි වන ලොටෝ වැනි අන්තර්ජාල ලොතරැයි සඳහා එක් වීමට ශ්‍රී ලාංකිකයන්ගේ නැඹුරුවක් ඇති වීම නතර කළ නොහැකි වනු ඇත.
ජාතික ලොතරැයි මණ්ඩලය පසු ගිය වසරේ රුපියල් බිලියන 14.6 ක ලාභයක් ලබා ඇති අතර මේ වසරේ ලාභය රුපියල් බිලියන 20 ක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත. මේ අනුව අන්තර්ජාල ලොතරැයි ව්‍යාපාර පැමිණීම මෙම ලාභය අවම කිරීමට හේතුවක් විය හැකි යැයි නම සඳහන් නොකළ රජයේ ඉහළ නිළධාරියෙකු අනාවරණය කර තිබේ. මෙරට අන්තර්ජාල භාවිතයට පාසල් දරුවන් බොහොමයක් යොමු වී ඇති නිසා මෙවැනි ලොතරැයි ක්‍රමයකට දරුවන් ඇබ්බැහි වීමේ අලූත් අවදානමක්ද මතුව තිඛෙන බව විශේෂඥ මතයයි.

0 comments:

Post a Comment