ගම් අටක නායක දළුකානේ ආදි වාසී නායකට අසාධ්‍යයි
උදව් දෙන්නැයි දියණිය ඉල්ලයි
දිඹුලාගල දළුකාන ආදි වාසී නායක කන්දාගේ අමරසිංහ ඇත්තෝ දැන් දින 10 ක් තිස්සේ රෝගිව අසාධ්‍යව සිටින බව ඔහුගේ දරුවෝ සහ ආදිවාසීහු පවසති.
ආදිවාසී නායක අමරසිංහ ඇත්තෝ ඉකුත් දිනක දළුකාන ගම්මානයේ නිවසක මායකිනි යක්ෂයන් උදෙසා තොවිලයක්ද පවත්වා ඇත.
ඊට දින තුනකට පසු වැටී තුවාල වී ඇති ඔහු ඉන් පසු දරුවන් විසින් මනම්පිටිය රෝහලට රැගෙන ගොස් තිබේ. අනතුරුව මනම්පිටිය රෝහලෙන් පොළොන්නරුව මහ රෝහලට මාරු කර යැවූ අමරසිංහ ඇත්තෝ දින දෙකක් නේවාසිකව ප්‍රතිකාර ගෙන නිවෙසට පැමිණ ඇත.
මේ වන විට ආදි වාසී නායකයාගේ දකුණු පාදය හා අත අප්‍රාණිකව කතා කිරීමට නොහැකිව එක්තැන් වී සිටින බව පවුලේ ඥාතීහු පවසති.
පොළොන්නරුව ඇතුළු පළාතේ විවිධ උත්සව සඳහා ආදි වාසී ප්‍රජාව නියෝජනය කරන දළුකාන ආදි වාසී නායක අමරසිංහ ඇත්තෝ තම ප්‍රජාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කරන නායකයෙකි.
හැට හැවිරිදි හය දරු පියකු වන කන්දාගේ අමරසිංහ ඇත්තන්ගේ බිරිය වූ 54 හැවිරිදි එස්. වල්ලි අම්මා මීට මාස තුනකට ඉහතදී මිය ගියේ පිළිකා රෝගයකිනි.
දළුකාන, කොළකණවාඩිය, මහදමන, යක්තුරේ, කුඩා වැව ඇතුළු ගම්මාන අටකට නායකත්වය සපයන අමරසිංහ ආදි වාසී නායක ඇත්තන් සුවපත් කිරිමට උදව් වන්නැයි දළුකාන වැසියෝ වගකිව යුත්තන්ගෙන් ඉල්ලති.
.jpg)
0 comments:
Post a Comment