ග්‍රාමීය මාර්ග රාත්‍රී සේවයට ලංගම බස්
දිවයින පුරා පිහිටි ග්‍රාමීය මාර්ග සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රාත්‍රී බස් රථ සේවාව විධිමත්ව යෙදවීමට ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
මෙවර අයවැයෙන් බස් රථ 2100 ක් ගෙන්වීමට අනුමැතිය ලැබී ඇති බැවින්, එම බස් රථ මෙරටට ගෙන්වීමෙන් පසු මෙම රාත්‍රී බස් රථ සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසීය. රාත්‍රී හයෙන් පසුව ග්‍රාමීය මාර්ගවල ගමන් ගන්නා මගී ජනතාවට රාත්‍රී බස් රථ සේවාවක් නොමැති වීම නිසා විශාල අපහසුතාවන්ට ලක් වීමට සිදුව ඇතැයි පෙන්වා දෙන අමාත්‍යවරයා, ඒ පිළිබඳව සඳහන් කරමින් අමාත්‍යංශයට පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇතැයිද කියා සිටියේය.
—මේ අයට වැඩි ගාස්තු ගෙවමින් විකල්ප ප්‍රවාහන සේවාවන්ගේ සහාය ලබා ගැනීමට සිදු වෙනවා. ඒ නිසා ලංගම බස් සේවාව විධිමත් අයුරින් පවත්වා ගැනීමට කටයුතු කරන්නැයි නිළධාරීන්ට මම උපදෙස් ලබා දුන්නා. පෞද්ගලික බස් රාත්‍රී කාලයේ ග්‍රාමීය මාර්ගවල ගමන් කරන්නේ නෑ. මෙහිදී රාජ්‍ය ප්‍රවාහන සේවය ලෙස ශ්‍රී ලංගමය වගකීමෙන් යුතුව මගී ජනතාවට ප්‍රවාහන පහසුකම් සැලසිය යුතුයි. එය ලාභය පමණක් නොව සේවාවක් ලෙස පවත්වාගෙන යා යුතුයි˜ යනුවෙන් වෙල්ගම මහතා පැවසීය.
මෙම වැඩපිළිවෙළේ පළමු අදියර ලෙස කළුතර දිස්ත්‍රික්කයේ පානදුර - මහවිල, පානදුර - බේරගම, පානදුර - අම්බලන්දුව යන මාර්ගවලට රාත්‍රී බස්රථ සේවා යෙදවීමට ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

0 comments:
Post a Comment