එතෙර රැකියාවට යන කතුන් ගණන අඩුවෙයි : පිරිමි වැඩිවෙයි
විදේශ රැකියා සඳහා ඉකුත් වසරේ දී පිටත්ව ගිය සංඛ්‍යාවෙන් වැඩි පිරිසක් පිරිමි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඒ අනුව ඉකුත් වසරේ දී මෙරට පිරිමින් එක්ලක්ෂ හැත්තෑපන් දහස් හතළිස් හත් දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇතැයි එම කාර්යාංශය පවසයි.
ගිය වසරේ දී විදේශ ගත වූ ලාංකික කතුන් සංඛ්‍යාව එක්ලක්ෂ දහ අට දහස් පනස් අටකි.
මේ අනුව පෙර වසරවල් හා සාපේක්ෂව කාන්තා ශ්‍රමිකයින් විදේශගත වීමේ අඩුවක් ඉකුත් වසරේදී පෙන්නුම් කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියා සිටී.
මෙරට කාන්තාවන් රට රැකියා සඳහා විදේශගත වීමේ දී පවුල් පසුබිම් වාර්තා අනිවාර්ය කිරිමද මෙම අඩු වීමට බලපා ඇතැයි එම කාර්යාංශය පෙන්වා දේ.

0 comments:
Post a Comment