ශ්රී ලංකාවේ ක‍්‍රියාත්මක කළ අපරාධකරුවන් ක්ෂණිකව හදුනාගැනීමේ නවීන තම ස්වයංක‍්‍රිය ඇගිලි සලකුණු ක‍්‍රමයට සම්බන්ධ පරිගණක මෘදුකාංගය ශ‍්‍රී ලංකාවේ මෘදුකාංග සංවර්ධන ශීල්පීන් ලවා දේශීයව නිර්මාණය කිරීමෙන් රටට රු. කෝටි 100 ක පමණ විදේශ විනිමය ප‍්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකිවු බව ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහචාර්ය පී.ඩබ්ලිව්.ඈපාසිංහ මහතා පවසයි. මේ සදහා මූල්‍ය සහ තාක්ෂණ අනුග‍්‍රහය ලබා දෙන ලද්දේ ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසිනි. කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනය මෙම නව ක‍්‍රමයට සම්බන්ධ පරිගණක මෘදුකාංගය නිර්මාණය කිරීම සාර්ථකව ඉටු කළේය. පසුගියදා කුලියාපිටියේ පැවති දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයේදී විදුලි සන්දේශ සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂයන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පද්ධතිය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරිණි. මෙම ස්වයංක්‍රීය පරිගණක ඇගිලි සලකුණු පද්ධතිය ජාත්‍යන්තර පොලීසියේ ඇගයීමට ලක්ව ඇතැයිද ඒ සදහා වන ඉදිරිපත් කිරීමක් සදහා ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන විශේෂ සැසියකට සහභාගිවන ලෙස ශ්‍රී ලංකාවට මේවන විට ආරාධනා ලැබී තිබෙන බවද ඈපාසිංහ මහතා පවසයි. දැනට ලෝකයේ දියුණු රටවල භාවිතා කරන්නේ මෙම නව ක‍්‍රමය බවත්, දකුණු ආසියාවේ රටවල් අතරින් මෙම ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන පළමු රට ශ‍්‍රී ලංකාව බවත්, එබදු භාරධුර කාර්යක් සාර්ථකව නිම කිරීමට පුළුවන් වීම ගැන තම ආයතනය සතුටට පත්වන බවත් ඈපාසිංහ මහතා වැඩිදුරටත් සදහන් කරයි. දේශීය තොරතුරු තාක්‍ෂණ විශේඥයින්ගේ දැනුමෙන් මෙම පරිගණක ඇගිලි සලකුණු පද්ධතිය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූලව සකස් කරන ලද බවත් පුර්ණ වශයෙන්ම මෙය දේශිය නිෂ්පාදනයක් නිසා මෙය ක්‍රියාමක කිරීමේදී තොරතුරු සහ දත්ත පිලිබද රහස්‍ය භාවයද සුරක්‍ෂිත වීම සිදුවන බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේ මෘදුකාංග ඒකකයේ ප්‍රධානී හර්ෂ විජේවර්ධන මහතා පවසයි. මෙම ඇගිලි සලකුණු පද්ධතිය ස්ථාපිත කර දින 12ක් ඇතුලතදී පුද්ගලයින් 4035කගේ ඇගිලි සලකුණු පරික්‍ෂා කර අපරාධකරුවන් 899 දෙනෙකු හදුනා ගැනීමට හැකිවී තිබේ. මෙම මෘදුකාංගය සකස් කිරීම පිලිබදව ජනාධිපති ලේකම් ලලිත්වීරතුංග ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් විසින් ශ්‍රීලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විශේෂ පැසසුමට ලක්කර තිබේ.
Source - Lankacnews

0 comments:
Post a Comment