ලෝකයේ වැඩිම තෙල් පොහොර භාවිත කරන්නේ ලංකාවේ අපි
දේශීය වෛද්‍ය අමාත්‍ය ශාලින්ද දිසානායක
අද අපේ රට රසකාරක, කෘෂි රසායනික සහිත ආහාරවලට පුරුදු වී සිටින නිසා බොහෝ රෝගයන් කරේ පටලවාගෙන ඇති බැවින් නැවතත් අපි ස්වභාවික ගොවිතැනට යා යුතු බව දේශීය වෛද්‍ය අමාත්‍ය ශාලින්ද දිසානායක මහතා පැවසීය.
හම්බන්තොට රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවති වස විසෙන් තොර බත් පතක් රටට ලබා දීමට දේශීය වී ගොවිතැන ප්‍රචලිත කිරිමට ගොවීන් දැනුවත් කිරීම සඳහා පැවති ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
—මියන්මාරයේ පොහොර ගහන්නේ ඒකක එකොළහයි. අපේ රටේ ඒකක දෙසිය හැත්තෑ හයක් තෙල් පොහෙර ගහනවා. ලෝකේ වැඩිම තෙල් පොහොර ගහන අය අපි. ඒ නිසා වැඩිම පිළිකා, වැඩිම වකුගඩු රෝග, වැඩිම නිල් දරු උපත්, වැඩිම ආතරයිටිස් ආදී බෝ නොවන සියලූ රෝග අපි දැන් උරුම කරගෙන තියෙනවා. මේකෙන් මිදෙන්නට අපි දැනටත් ප්‍රමාද වැඩියි. එතකොට බොහෝ අය කියන දේ තමයි අස්වැන්න නෑ කියන එක. නමුත් දැන් වසර විස්සක් පමණ පර්යේෂණ කළා. ඒ පර්යේෂණ වලින් අපි හොයා ගෙන තියෙනවා විශ්මිත අස්වැන්නක් ගන්න ක්‍රම. අපේ පාරම්පරික ඥානයට තාක්ෂණය එකතු කරලා තියෙන්නේ.
පසුගිය දවසක මම දඹානේ වැදි නායකයාගේ ගමට ගියාම එදා රෑ දඹානේ වන්නිල ඇත්තෝ කැලයේ මැද තියෙන මණ්ඩියක කිරි කොරහ නැටුවා. අපට එදා රෑ කන්න දුන්නේ අඟ=රුවල පිච්චූ මඤ්ඤොක්කා සහ බඩ ඉරිඟ=යි. රසකාරක මොනවත් ඒ අය දැම්මේ නෑ. ඒ අය කුරහන් රොටියි පැණියි දුන්නා. මම ආදිවාසී නායක ඇත්තන්ගෙන් ඇහුවා ඔබේ සමාජයේ දියවැඩියා රෝගීන් කොච්චර ඉන්නවද කියලා. ඔහු කීවේ අපේ සමාජයේ දියවැඩියා රෝගීන් නෑ කියලා.
.jpg)
0 comments:
Post a Comment