තේ රබර් පෝර බරපතළ හිඟයක්
තේ සහ රබර් පොහොරවල බරපතළ හිඟයක් තිඛෙන බවට ඇමතිවරුන් ගණනාවක් කැබිනට් රැස්වීමේදී පැමිණිලි කර ඇත.
පොහොර හිඟය නිසා කුඩා තේ වතු හිමියන් බරපතළ අපහසුතාවකට පත්ව අතැයිද ඇමතිවරයා පෙන්වා දී තිබේ.
සමහර ප්‍රදේශවල වැඩිමිලට ගැනීමට පොහොර තිඛෙන නමුත් ඇතැම් පළාත්වල වැඩිමිලට හෝ ගැනීමට පොහොර නැතැයි ඇමතිවරුන් සඳහන් කර ඇත.
ඒ නිසා ඊට වහාම පිළියමක් යෙදිය යුතුව ඇතැයි ඔවුන් ඉල්ලා තිබේ.
ඩිලාන් පෙරේරා, වාසුදේව නානායක්කාර, දයාශ්‍රිත තිසේරා යන ඇමතිවරුන් පොහොර හිඟය ගැන දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇත.
ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය පොහොර ලබා දීමට වහාම කටයුතු කරන්නැයි වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහ මහතාට උපදෙස් දී ඇත.

0 comments:
Post a Comment