අන්තර්ජාල භාවිතය අධීක්ෂණයට රජයෙන් විශේෂ නියාමන කමිටුවක්
අන්තර්ජාල භාවිතය පිළිබදව අධීක්ෂණය සදහා රජය විශේෂ නියාමන කමිටුවක් පත්කර ඇත.
අන්තර්ජාල භාවිතය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සදහා අන්තර්ජාලය ආශි්‍රතව සිදු කෙරෙන අපරාධ හා නීති විරෝධී කටයුතු සම්බන්ධව කි්‍රයාත්මක වීමට මෙම කමිටුවට උපදෙස් ලබාදී ඇති බව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා zලක්බිමZට පැවසීය.
තම අමාත්‍යංශයට අමතරව විදුලි සංදේශ නියාමන කොමිසම,අධ්‍යාපන අමාත්‍යංශය,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය,සංස්කෘතික අමාත්‍යංශය ආදී ආයතන රැසක් මෙම කමිටුවට සම්බන්ධව ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
අන්තර්ජාලය සම්බන්ධව පැන නගින ගැටලූ සදහා විස`දුම් ලබාදීම සදහා පැය 24 පුරා කි්‍රයාත්මක උපදේශන සේවයක්ද මෙම කමිටුව යටතේ කි්‍රයාත්මක වේ.
.jpg)
0 comments:
Post a Comment