වැස්ස ලබන සතියේ
දිවයිනේ සියලූම ප්‍රදේශවලට ලබන සතියේ සිට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම වැසි නැගෙනහිර පළාතෙන් ආරම්භ වී දිවයිනේ අනෙක් ප්‍රදේශ කරාද පැතිර යනු ඇතැයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කේ.ඩී. සුජීව මහතා ඊයේ (13) පැවසීය.
ඉදිරි දිනවලදී අන්තර් මෝසම ද සක්‍රීය වීමට නියමිත අතර ඒත් සමඟ රට පුරා වැසි ඇතිවන බවද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥවරයා සඳහන් කළේය.
දිවයින හරහා හමා යන වියළි සුළං ප්‍රවාහ හේතුවෙන් අද (14) දිනයේදී ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක් පවතින අතර නැගෙනහිර වෙරළබඩ තීරයේ පමණක් වැසි ස්වල්පයක් ඇති වනු ඇතැයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
.jpg)
0 comments:
Post a Comment