24H Best Sinhala News In Sri Lanka

Thursday, 20 February 2014

සුවද විලවුන් සදහා කරපිංචා ශාක කොටස් රට පැටවීමේ ජාවාරමක්

00:59 By Era



සුවද විලවුන් සදහා කරපිංචා ශාක කොටස් රට පැටවීමේ ජාවාරමක්

සුවද විලවුන් වර්ගයක් නිෂ්පාදනය කිරීම සදහා කරපිංචා ශාකයේ කොටස් හා විවිධ මල් විදෙස්ගත කිරීමේ ජාවාරමක් පිළිබද ගාල්ල දිස්ති්‍රක්කයෙන් තොරතුරු හෙළ වී ඇති බව පොලීසිය පවසයි.
ගාල්ල නෙළුව සහ හිනිදුම යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම ජාවාරම සිදුවන බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.කරපිංචා ශාකය බිම් මට්ටමේ සිට අඩි 2ක් පමණ උසින් යුත් කොටස සුව`ද විලවුන් නිපදවීම සදහා මෙලෙස විදෙස්ගත කරන බව පැවසේ.
ඒ සම්බන්ධයෙන් මුලින්ම තොරතුරු ලැබී ඇත්තේ මිල අධික සුවද විලවුන් නිෂ්පාදනය කිරීම සදහා යොදා ගන්නා වල්ලාපට්ටා ජාවාරමේ නිරත වූ සැකකරුවන් පිරිසකගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදීය.ගාල්ලේ අත්අඩංගුවට ගැණුනු එම සැකකරුවන් සන්තකයේ තිබී වල්ලාපට්ටා කිලෝ ග්‍රෑම් 19ක්ද සොයා ගෙන තිබිණි.හොද වල්ලාපට්ටා කිලෝවක් සදහා රුපියල් ලක්ෂයක මුදලක් ලැඛෙන බවද අදාළ සැකකරුවන් පවසා ඇත.

0 comments:

Post a Comment